බව බෝගවලට හානි: සපා කෑම්වලින් තුවාල
නිමල් විජේසිංහ අනුරාධපුර අතිරේක දිස්ත්‍රික් සමූහ
අනුරාධපුර පූජා නගරය ඇතුළු තදාසන්න ප්‍රදේශයේ ගම්මාන ගල්නෑව, ඉපලෝගම ඇතුළු ප්‍රදේශ රැසක රිළා උවදුර තදින් පැතිර යමින් පවතී. රිළා රංචු විසින් තම භව බෝග සම්පත් විනාශ කර දැමීම වළකාලීම සඳහා කඩිනමින් සහන සැලසීමේ වැඩපිළිවෙළක් අරඹන මෙන් ගොවි සංවිධාන හා ජනතා සංවිධාන වෙතින් අනුරාධපුර දිසා ලේකම් මහින්ද සෙනෙවිරත්න මහතාට සහ දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව වෙත බොහෝ පැමිණිලි ලැබෙමින් පවතී.
කරදරකාරී හා විනාශකාරි රිළා රංචු ජන ශූන්‍ය ආරක්‍ෂිත ප්‍රදේශ හා රක්‍ෂිත තුළට පලවා හැරීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නා මෙන් දිසා ලේකම්වරයා විසින් දැනටමත් වනජීවි බලධාරීන්ට දැනුම් දී ඇත. අනුරාධපුර දිස්ත්‍රික්කයේ බල පවත්නා අලි - මිනිස් ගැටුමට අමතරව රිළා - මිනිස් ගැටුම සමනය කිරීම සඳහා මැදිහත්වීමට වන ජීවි නිලධාරීන්ට සිදුව ඇතැයි සහකාර වන ජීවි සංරක්‍ෂණ අධ්‍යක්‍ෂ ඩබ්. එස්. වේරගම මහතා පැවසීය.
මෑතක දී ගල්නෑව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ තුළ සතියක් ඇතුළත 20 – 30 අතර පිරිසක් රිළවුන්ගේ සපාකෑම් වලට ලක්ව සිටිතැයි ප්‍රාදේශීය ලේකම් ස්වර්ණා එදිරිසිංහ මහත්මිය විසින් අනුරාධපුර දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවට වාර්තා කර තිබුණි.
ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 508 තුලාන ඇතුලු ගම් නියම්ගම් රැසක රිළා උවදුර තදින් බලපවත්නා බව ගොවි නියෝජිතයෝ පෙන්වා දෙති.
රිළා උවදුර සමනය කිරීම සම්බන්ධයෙන් වන ජීවි නිලධාරීන් සමග ඵලදායී සාකච්ඡා වලින් පසු හිංසාකාරී නොවන අන්දමින් මෙම සතුන් වනාන්තර ප්‍රදේශ තුළට පලවා හැරීමට කටයුතු යොදන මෙන් ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් රුවන් පාලිත සත්කුමාර මහතා හට දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව හරහා අවශ්‍ය උපදෙස් ලබා දී තිබේ.
මේ අතර අනුරාධපුර පූජා නගරය හා අවට රිළවුන් විශාල වශයෙන් ව්‍යාප්ත වී ඇති අතර වන්දනාකරුවන්ට දෙස් විදෙස් සංචාරකයින්ට ජය ශ්‍රී මහා බෝ සමිඳු ඇතුළු අටමස්ථානය වැඳ පුදා ගැනීම හා නැරඹීමට යාමේ දී රිළවුන්ගේ සපාකෑම්වලට ලක්වීමට සිදුව ඇති බව ද වාර්තා වෙයි.
කිරි ආහාර පලතුරු ඇතුළු විවිධ පූජා භාණ්ඩ උදුරා ගැනීම අපිරිසිදු කිරීම පිළිබඳ සිදුවීම් නිරන්තරයෙන් හට ගන්නා අතර පූජා නගර නීති රෙගුලාසි අනුව මේ සඳහා වනජීවි දෙපාර්තමේන්තුවට ඍජුව මැදිහත්වීමට නොහැකි බව වනජීවි අඩවි නිලධාරි ඩබ්. ඒ. සරත් මහතා සඳහන් කළේ ය.
වඳුරු හා රිලා රංචු නිසා දිවි නැගුම, අපි වවමු රට නගමු හා දැයට කිරුළ ව්‍යාපෘති යටතේ තුලාන් මට්ටමින් දියත් කර ඇති භෝග වගා වැඩසටහන් කෙරෙහි ඉතා අහිතකර බලපෑමක් සිදුව ඇති බවද ගොවීහු අවධාරණය කරති.
මේ අතර මිනිසුන් විසින් නීති විරෝධිව තනා ගත් ආයුධ මගින් රිළවුන්ට හා වඳුරන්ට වෙඩි තැබීම් සිදු කිරීම නිසා එම සතුන් දරුණු තුවාල සිදුවීමේ හා මිය යාමේ බලවත් තර්ජනයක් ද එල්ලවී ඇතැයි ඉපලෝගම ගොවි නියෝජිත සිසිර කුමාර මහතා සඳහන් කරයි.
http://www.dinamina.lk/2011/12/12/_art.asp?fn=n1112127
Green Movement Blog lists news and issues related to environment and development of Sri Lanka since June 2011. It is maintained by The Green Movement of Sri Lanka (GMSL), an organization concerned with environmental conservation and sustainable development.
No comments:
Post a Comment