Friday, December 9, 2011

Plastic crates mandatory for veggies, fruits from 11th Dec (2 items)

එළවළු-පලතුරු කූඩවල පැටවීම අනිවාර්යයි

  • පැහැරහරින්නන්ට 3,000-100,000 දක්වා දඩ
  • නීතිය ඉරිදා සිට අකුරටම ක්‍රියාත්මකයි
  • වැරැදිකරුවන් අල්ලන්න විශේෂ පොලිස් වැටලීම්

විජයානි එදිරිසිංහ

එළවළු හා පලතුරු කූඩවල දමා ප්‍රවාහනය කිරීමේ නීතිය අනිද්දා (11) මධ්‍යම රාත්‍රියේ සිට අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කෙරේ.

නීතිය පිළිනොපදින වෙළෙඳුන්ට එරෙහිව කටයුතු කිරීම සඳහා පොලිසිය ද ඒකාබද්ධව වැටලීම් කණ්ඩායම් එදින රාත්‍රියේ සිට ම යොදනු ඇත. ගෝනිවල බහා එළවළු පලතුරු ප්‍රවාහනය කිරීමෙන් වසරකට රුපියල් කෝටි දෙදහසක එළවළු පලතුරු විනාශ වෙයි.

ව්‍යාපාරිකයාට සිදුවන එම පාඩුව පාරිභෝගිකයාගෙන් අය කරන බව සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

මේ නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡාවක් ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ දී ඊයේ (08) පැවැත්විණි.

නීතිය පිළිපදින්නේ නැති ව්‍යාපාරිකයන් අල්ලා ගැනීමට කොළඹට එළවළු හා පලතුරු ප්‍රවාහනය කරන මාර්ගයේ ස්ථාන 17ක වැටලීමේ කණ්ඩායම් ක්‍රියාත්මක වෙයි.

නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධ අතිවිශේෂ ගැසට් නිවේදනයක් ද නිකුත් කර තිබේ.

ඒ නීතියට වැඩ නොකරන ගොවීන්ට සහ ව්‍යාපාරිකයන්ට රුපියල් දහසේ සිට ලක්ෂය දක්වා වූ දඩ ගෙවීමට සිදුවෙනු ඇත.

ගොවීන්ට රුපියල් දහසේ සිට රුපියල් දස දහස දක්වා ද ව්‍යාපාරිකයන්ට රුපියල් දහසේ සිට ලක්ෂය දක්වා ද දඩ වශයෙන් සඳහන් වී තිබේ.

ප්ලාස්ටික්, වේවැල් හෝ දැවවලින් තැනූ කූඩ මේ සඳහා භාවිතා කළ හැකිය.

එළවළු හා පලතුරු ගෙනයාමට කූඩ යොදා ගැනීම යෝජනාව ගෙන ආවේ මීට වසර දෙකකට පමණ පෙරය.

ඒ සඳහා ගොවින්ට සහන කාලයක් ලබා දී තිබුණි. රජයෙන් සහ වෙළෙඳ අමාත්‍යාංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා කූඩ ලක්ෂ හතරක් පමණ බෙදා හැර තිබේ.

සහන මිලට මෙන් ම ගෙවීමේ ක්‍රමයට ද සතියකට රුපියල් 30 සහ 50 වැනි සුළු මිලකට කූඩ ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙයි.

ගෝනිවල දමා ප්‍රවාහනය කිරීමෙන් වන හානිය වළක්වා ගැනීම සඳහා පිරිසිදු එළවළු පලතුරු පාරිභෝගිකට ලබාදීමේ අරමුණ වෙයි.

රජයේ මෙම වැඩපිළිවෙළට එරෙහිව යම් පිරිසක් එළවළු ප්‍රවාහනය නැවැත්වුවහොත් ස.තො.ස සහ සමූපකාර ලොරි යොදවා ඍජුවම ගොවියා වෙත ගොස් ඒවා මිල දී ගෙන බෙදා හැරීමට වෙළෙඳ අමාත්‍යාංශය තීරණයකර තිබේ.

අමාත්‍යාංශ ලේකම් සුනිල් එස්. සිරිසේන පාරිභෝගික අධිකාරියේ සභාපති රුමි මර්සුක්, අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් යොහාන් ප්‍රනාන්දු, මහත්වරු ද මේ අවස්ථාවට සහභාගිවූහ.


http://www.dinamina.lk/2011/12/09/_art.asp?fn=n1112091


Umpteenth deadline for plastic crates

By Lal Gunesekera

No further extensions will be granted to traders and farmers to transport their fruit and vegetable produce in plastic crates. The regulation will become mandatory from midnight of December 11. Fines ranging from Rs. 1,000 to Rs. 100,000 or even jail terms will be imposed on those failing to comply with the regulation.

Minister of Cooperatives and Internal Trade Johnston Fernando said that the regulation was gazetted in January and several extensions were granted, but the time was now ripe for the farmers and traders to comply with the law or face the consequences.


He said that individual farmers, guilty of the offence, face a fine of Rs. 1,000 to Rs. 10,000 or a six months jail term or both. A Company faces fines ranging from Rs. 10,000 to Rs. 100,000 and jail terms.

Minister Fernando said that lorries transporting vegetables and fruit to economic centres countrywide will be turned away if the produce was not in plastic crates. He said that his ministry was prepared to transport goods to economic centres using ministry vehicles if the need arose.

Those plastic crates could be hired on a weekly basis at Rs. 50 for big containers and Rs. 30 for small crates, available at economic centres, he said adding that the cost of those crates range from Rs. 1,500 to Rs. 2,000.

Minister Fernando also said that farmers and traders had purchased 350,000 plastic crates with some given at concessionary prices, and more were available for purchase at economic centres.

He also requested traders not to make a public nuisance of themselves in staging protests, but to adhere to the law.

Minister Fernando said that he had issued strict instructions to the Consumer Affairs Authority (CAA) to carry out raids against unscrupulous traders who fail to obey the law and initiate legal action.

http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=40794

No comments:

Post a Comment