Friday, December 9, 2011

විදුලි වැටලීම්වලින් මිලියන 38 ක ආදායමක්‌

චමින් ද සිල්වා

ලංකා විදුලිබල මණ්‌ඩලයේ විශේෂ විමර්ශන වැටලීම් ඒකකය විසින් පසුගිය නොවැම්බර් මස සිදුකරන ලද වැටලීම් තුළින් රුපියල් මිලියන 38 ක (තුන්කෝටි අසූ ලක්‍ෂ හතළිස්‌ නවදහස්‌ හත්සිය දාසයක) වාර්තාගත ආදායමක්‌ ලබා ඇතැයි විදුලිබල හා බලශක්‌ති අමාත්‍යාංශය පවසයි.

එම මුදලින් මිලියන 3.7 ක්‌ (තිස්‌හත් ලක්‍ෂ දාසයදහසක) උසාවි දඩ වශයෙන්ද, මිලියන 34.4 ක්‌ (තුන්කෝටි හතළිස්‌තුන් ලක්‍ෂ තිස්‌තුන්දහස්‌ හත්සිය තිස්‌හයයි ශත හතක්‌) විදුලිබල මණ්‌ඩලයේ අලාභය ලෙසද ගණන් බලා ඇත.

ඒ අනුව මීටර් වෙනස්‌ කිරීම්, කොකු භාවිතා කර විදුලිය ලබා ගැනීම් වැනි අයථා විදුලි පරිහරණයන් පිළිබඳව සිද්ධීන් 328 ක්‌ වාර්තාවී ඇති අතර ඒ අතරින් සිද්ධීන් 287 ක්‌ වංචා සහගත ලෙස මීටර් සැකසීම තුළින් විදුලිය ලබා ගැනීම් වේ. ඉතිරි සිද්දීන් 41 කොකු යොදා අයථා ලෙස විදුලිය ලබා ගැනීම් ලෙස හඳුනාගෙන ඇත.

විදුලිබල මණ්‌ඩලයේ විශේෂ විමර්ශන ඒකකය පසුගිය සැප්තැම්බර් මස මිලියන 30 කට අධික ආදායමක්‌ද, පසුගිය ඔක්‌තෝබර් මාසයේ මිලියන 18 ක්‌ද, උපයාගෙන ඇත. විදුලි වංචාවන් පිළිබඳව දුරකථන අංක 2422259 ඔස්‌සේ විශේෂ විමර්ශන ඒකකය දැනුවත් කළ හැක.


http://www.divaina.com/2011/12/09/news24.html

No comments:

Post a Comment