(Insurance scheme for the crop damages caused by elephants)
අනුර බාලසූරිය
වල් අලින්ගෙන් ගොවි ජනතාවට, වගාවන්ට, දේපොළවලට සිදුවන හානිය වෙනුවෙන් රක්‍ෂණ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට ගොවිජන සේවා හා වනජීවී අමාත්‍යාංශය තීරණය කර ඇත.
මෙම රක්‍ෂණ ක්‍රමය ලබන 26 වැනිදා හඳුන්වාදීමට බලාපොරොත්තු වේ.
ගොවිජන සේවා හා වනජීවී ඇමැති එස්. එම්. චJද්‍රසේන මහතාගේ උපදෙස් පරිදි කෘෂිකාර්මික හා ගොවිජන රක්‍ෂණ මණ්‌ඩලය, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සහ සංචාරක මණ්‌ඩලය ඒකාබද්ධව මෙම රක්‍ෂණ ක්‍රමය ක්‍රියාත්මක කෙරේ.
මෙම රක්‍ෂණ ක්‍රමයට දායක වන ගොවි ජනතාවගෙන් ඉතා සුළු වාරිකයක් අය කෙරෙන අතර, වල් අලින්ගෙන් ගොවීන්ගේ ජීවිතවලට දේපළවලට හා වගාවන්ට වන හානි වෙනුවෙන් ගොවිජන සේවා මධ්‍යස්‌ථාන හරහා සතියක් ඇතුළත වන්දි ලබා දීමට සැලසුම් කර ඇත.
ජීවිත හානියකදී හෝ පූර්ණ අකර්මන්‍යතාවකදී රුපියල් ලක්‍ෂය දක්‌වා ද, දේපොළ හානියකදී රුපියල් 50,000 දක්‌වා ද භෝග වගාවන් සඳහා වන හානියකදී අක්‌කරයකට රුපියල් 15,000 දක්‌වා ද රක්‍ෂණ ආවරණයක් මෙමගින් ලබා දේ.
වල් අලින්ගෙන් හානි සිදුවන වයඹ, උතුරු මැද, දකුණ හා නැඟෙනහිර පළාත්වල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාස 54 වල් අලින්ගෙන් හානි සිදුවන ප්‍රදේශ බවට හඳුනාගෙන තිබේ.
මෙවැනි රක්‍ෂණ වන්දි ක්‍රමයක් තුළින් ගොවි ජනතාවට සිදුවන හානිය පාඩුව යම් ප්‍රමාණයකට පිරිමසාදීමත්, හානි සිදුකිරීමෙන් ගොවීන් තුළ වෛරයක් ඇති වී එම අලි ඇතුන්ට සිදුකරන හානි වළක්‌වා එම සතුන් ආරක්‍ෂා කරදීමත් මෙහි අරමුණ බව ඇමැති එස්. එම්. චJද්‍රසේන මහතා පැවැසීය.
Source: http://www.divaina.com/2011/07/09/news26.html
This is a need of the day. It was discussed since considerable time, but not implemented. Hope this will become true this time.
ReplyDelete