ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව නගර හා ග්‍රාම නිර්මාණ (සංශෝධන) පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගැනෙයි
ස්වර්ණා විජේකෝන්, චමීර ඇල්ලදෙණිය, සුභාෂිනි සේනානායක
නගර හා ග්‍රාම නිර්මාණ (සංශෝධන) පනත් කෙටුම්පත ආණ්ඩුව ඊයේ (07) ඉල්ලා අස්කර ගත්තේය.
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට ප්‍රකාරව නගර හා ග්‍රාම නිර්මාණ (සංශෝධන) පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගැනීමට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ අවසරය ඉල්ලා සිටියේය.
ඇමැතිවරයාගේ ඉල්ලීමට සභාවේ අනුමැතිය හිමි විය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 120 ව්‍යවස්ථාව සමග කියවිය යුතු 123 වන ව්‍යවස්ථාව ප්‍රකාරව පනත් කෙටුම්පත පළාත් සභා ලැයිස්තුවේ දක්වා ඇති කරුණකට සම්බන්ධ බැවින් 154 (උ) (3) ව්‍යවස්ථාවෙහි දක්වා ඇති පරිදි සෑම පළාත් සභාවකටම යොමුනොකළහොත් එය නීතියක් බවට පත් නොවන බව කතානායකවරයා ඉකුත් සෙනසුරාදා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට අනුකූල නොවන පරිදි පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ ඇතුළත් කොට ඇති බැවින් අධිකරණය කළින් ඉදිරිපත් කර ඇති සෙසු නෛතික තර්ක පිළිබඳ තීරණයක් ලබා නොදෙන බවද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ දක්වා ඇතැයි ද කතානායකවරයා එදින නිවේදනය කළේය.
http://www.dinamina.lk/2011/12/08/_art.asp?fn=n11120813
Govt withdraws Town and Country Planning Bill
Parliament reporters
The government yesterday withdrew the Town and Country Planning (Amendment) Bill which was included in the Order Paper for the second reading in Parliament.
Chief Government Whip and Water Supply and Drainage Minister Dinesh Gunawardena informed Deputy Speaker Chandima Weerakkody who was presiding over the House that the government is withdrawing the Bill according to the instructions of the Supreme Court.
Speaker Chamal Rajapaksa last Saturday announced in Parliament the Supreme Court has informed that the Town and Country Planning (Amendment) Bill has been included in the Order Paper without following the required procedure mentioned in the constitution.
The Supreme Court has also informed that the Bill needs to be referred to every Provincial Council, according to the constitution to be implemented as a law, due the content in it.
Accordingly, the Chief Government Whip withdrew the Bill from the Parliament Order Paper.
http://www.dailynews.lk/2011/12/08/news23.asp
No comments:
Post a Comment