Thursday, December 8, 2011

දින 30 ක්‌ තුළ බිල නොගෙව්වොත් විදුලිය සිඳලීම 15 දා ඇරැඹෙයි

ශිරාන් රණසිංහ

දින තිහක්‌ ඇතුළත විදුලි බිල්පත් ගාස්‌තු නොගෙවන විදුලි පාරිභෝගිකයන්ගේ විදුලිය සිඳලීම ලබන 15 වැනිදා සිට ආරම්භ කිරීමට ලංකා විදුලිබල මණ්‌ඩලය තීරණය කර ඇත.

මේ වන විට රාජ්‍ය ආයතන, දේශපාලනඥයන්, පොලිසිය හා රාජ්‍ය ආරක්‍ෂක හමුදා ස්‌ථාන ඇතුළු සාමාන්‍ය ගෘහස්‌ථ පාරිභෝගිකයන්ගෙන් ලංකා විදුලිබල මණ්‌ඩලයට ලැබිය යුතුව තිබෙන හිඟ මුදල රුපියල් මිලියන 1689 ක්‌ යෑයිද විදුලිබල මණ්‌ඩලය ගණන් බලා තිබේ.

ලංකා විදුලිබල මණ්‌ඩලය මේ වන විට දැඩි මූල්‍ය අර්බුදයකට ලක්‌ව සිටින අතර දිනකට ලබන පාඩුව පමණක්‌ රුපියල් කෝටි 13 ඉක්‌මවා ගොස්‌ ඇතැයි ද ගණන් බලා ඇත. ජල විදුලි බලාගාරවලට අවශ්‍ය තරම් වැසි නොලැබීම නිසා සමස්‌ත විදුලි නිෂ්පාදනයෙන් සියයට අනූවක්‌ පමණ තාප විදුලි බලාගාරවලින් විදුලිය නිෂ්පාදනය කිරීමට සිදුවූ බවත් එනිසා විදුලිබල මණ්‌ඩලයට මේ සා විශාල පාඩුවක්‌ විඳීමට සිදුවූ බවත් විදුලිබල මණ්‌ඩලය කියයි.

එනිසා විදුලිබල හා බලශක්‌ති ඇමැති පාඨලී චම්පික රණවක මහතාගේ උපදෙස්‌ මත හිඟ මුදල් අයකර ගැනීමේ දීප ව්‍යාප්ත වැඩසටහන ක්‍රියාත්මක කරමින් 15 වැනිදා සිට නිසි පරිදි බිල්පත් නොගෙවා සිටින ස්‌ථානවල විදුලිය සිඳලීම අරඹන බවද විදුලිබල මණ්‌ඩලය කීවේය.

පවතින පාඩුව පියවා ගැනීම සඳහා ජනවාරියේ සිට විදුලි ගාස්‌තු සංශෝධනයක්‌ද සිදුකිරීමට නියමිතව තිබේ.


http://www.divaina.com/2011/12/08/news14.html

No comments:

Post a Comment