- ඇමැති විමල් වීරවංශ
චන්දිමා එදිරිමාන්න
2011 වසරේ දී අවම වශයෙන් නිවාස හතළිස් දහසක් ඉදි කිරීමේ ඉලක්කය සපුරා ගැනීමට හැකියාව ලැබුණු බව, ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් ඇමැති විමල් වීරවංශ මහතා පැවසීය.
ලබන 2012 වසරේ දී නිවාස පනස් දහසක් ඉදිකිරීමේ ඉලක්කය කරා ගමන් කරන්නට බලාපොරොත්තු වන බව ද හෙතෙම අවධාරණය කළේ ය. 2011 වසරේ දී ක්‍රියාත්මක ජන සෙවණ නිවාස දශ ලක්ෂයේ ජාතික නිවාස හා ජනාවාස සංවර්ධන මෙහෙයුම යටතේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියත්, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියත් එක්ව නිවාස 20,689 ක් ඉදි කිරීමේ කාර්යය සම්පූර්ණ කළ බව ද කීය.
රාජ බැංකු හා සෙසු අමාත්‍යාංශ වන සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය, නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය, විදේශ සේවා නියුක්ති කාර්යාංශය, සෙවණ අරමුදල, හා අභ්‍යන්තර උත්පාදන සියල්ල එකතුව නිවාස හතළිස් දහසේ ඉලක්කයට ගිය බව ද කීය.
රුපියල් මිලියන දස දහසකට වැඩි මුදලක් 2011 වසරේ දී නිවාස ඉදිකිරීම වෙනුවෙන් යෙද වූ බව ද විමල් වීරවංශ මහතා සඳහන් කළේ ය.
ඊයේ (07) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැති මාධ්‍ය හමුවට එක් වෙමින් ඇමැති විමල් වීරවංශ මහතා එම කරුණු අවධාරණය කළේය.
http://www.dinamina.lk/2011/12/08/_art.asp?fn=n1112085
No comments:
Post a Comment