Thursday, December 8, 2011

ජල පෝෂක ප්‍රදේශවලට තාමත් වැසි නෑ

ශිරාන් රණසිංහ

ප්‍රදේශ ගණනාවකට පසුගිය කාලයේ වැසි ලැබුණද ජල විදුලි බලාගාර පෝෂක ප්‍රදේශවලට වැසි නොලැබීම නිසා ජල විදුලි නිෂ්පාදනය තවමත් පහළ මට්‌ටමේ ඇතැයි විදුලිබල මණ්‌ඩලය පවසයි.

ඊයේ (07 වැනිදා) පෙරවරුව වන විට ජල විදුලි නිෂ්පාදනය ගෙගාවොට්‌ පැය 572 ක මට්‌ටමක තිබූ බවද වාර්තා උපුටා දක්‌වමින් විදුලිබල මණ්‌ඩල ප්‍රකාශකයෙක්‌ ''දිවයින'' ට පැවසීය.

ජල විදුලි නිෂ්පාදනය ගෙගාවොට්‌ පැය 950 ක මට්‌ටමක තිබෙන්නේ නම් එය ප්‍රමාණවත් බවද වැසි නොවැටීම නිසා තාප විදුලි නිෂ්පාදනය සියයට 80.4 මට්‌ටමේද, ජල විදුලි නිෂ්පාදනය සියයට 19.6 ක තිබූ බවද හෙතෙම කියා සිටියේය.


http://www.divaina.com/2011/12/08/news16.html

No comments:

Post a Comment