Tuesday, December 6, 2011

කොරියානුවන්ට හැකි අපට බැරි කසළ කළමනාකරණය


ශ්‍රී ලංකාවේ පළාත් පාලන නීති සංග්‍රහයන් අනුව කසළ දේපලකි. දේපල හෙවත් සම්පත් ලෙසින් හැඳින්වෙන ද්‍රව්‍ය අර්ථ ශාස්‌ත්‍රීය න්‍යාය ධර්මතා අනුව මිනිස්‌ වුවමනා තෘප්තිමත් කිරීම සඳහා අවශ්‍ය භාණ්‌ඩ හා සේවා නිෂ්පාදනය කරන ද්‍රව්‍ය වන්නේය. (මූලාශ්‍රය ( මහාචාර්ය ඩැනී අතපත්තු ( ආර්ථික විද්‍යා ප්‍රවේශය, 2009 පිටුව 25) කසළ හෙවත් අපද්‍රව්‍ය නම් වූ සම්පත සුවිසල් ආර්ථික ප්‍රභවයක්‌ වුවද එමගින් නිෂ්පාදනය කරන භාණ්‌ඩ හා සේවා ප්‍රමාණය අනුව එය ප්‍රශස්‌ථ ලෙස කළමනාකරණය කරන්නේදැයි ප්‍රශ්න කල හැකිය.

දකුණු කොරියානු ජනරජය මගින් කසළ සම්පත ප්‍රශස්‌ථ ලෙස කළමනාකරණය කරමින් භාණ්‌ඩ හා සේවා නිපදවන ක්‍රමවේදය අප විසින් අධ්‍යයනය කළෙමු. 2011 ජූනි මස 6 දින සිට 19 දක්‌වා සියෝල් අගනගරයේදී දකුණු කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා සංවිධානය (KOICA) මගින් මෙහෙයවන ලද පුහුණු වැඩසටහනට සහභාගිවීමෙන් මෙම අවස්‌ථාව අපට හිමි විය. එම පුහුණු වැඩසටහන ආශ්‍රිත ලද අත්දැකීම් පදනම් කරගනිමින් මෙම ලිපිය රචනා කළෙමි.

ප්‍රේමරත්න දිසානායක,
නියෝජ්‍ය අධ්‍යක්‍ෂ, පරිසර අධ්‍යාපන හා දැනුවත් කිරීමේ අංශය, මධ්‍යම පරිසර අධිකාරිය,
පිළිසරු සම්බන්ධීකරණ කාර්යාලය, කුරුණෑගල.

No comments:

Post a Comment