ශ්‍රී ලංකා පදනම "කෝප්" වාර්තාව ගැන කණගාටුව පළ කරයි
පොදු ව්‍යාපාර කාරක සභා (කෝප්) වාර්තාව පදනම් කරගනිමින් පුවත්පත්වල පළවූ ප්රවෘත්ති තම ආයතනයේ ක්‍රියාදාමයන්ට පටහැනි බව සඳහන් කරමින් සහ රාජ්‍ය සංවිධාන ආදායම් නොලබන ආයතන බවට පත්කිරීමට උත්සාහ කිරීම පිළිබඳව කණගාටුව පළකරමින් ශ්‍රී ලංකා පදනමේ සභාපතිවරයා විසින් කෝප් කමිටුවට ලිපියක් යවා තිබේ.
එසේම පදනමේ සභාපතිවරයා එම තත්ත්වය නිවැරැදි කිරීමට කටයුතු සලස්වන ලෙසද එම ලිපිය මගින් කෝප් කමිටුවෙන් ඉල්ලීමක් කර තිබේ. එහි මෙසේද සඳහන්ය.
ශ්‍රී ලංකා පදනම මහා භාණ්ඩාගාරයේ ප්‍රදානයන් මත සේවා සපයන ආයතනයක් ලෙස පිහිටුවා තිබියදීත්, 2011 ඔක්තෝබර්Êමස වන විට ශ්‍රී ලංකා පදනම විසින් විවිධ සංවිධාන හා පුද්ගලයන්ට සපයන ලද පුහුණු වැඩසටහන් මගින් ලද පාඨමාලා ගාස්තු රුපියල් මිලියන 26 කට ආසන්නය. වාණිජ ක්‍රියාකාරකම් තුළින් රුපියල් මිලියන 54 ක ආදායමක් ලබා ඇත. ඒ අනුව 2011 ඔක්තෝබර් වන විට රුපියල් මිලියන 80 ක ආදායමක් උපයා ඇත. එය පෙර වර්ෂය හා සසඳන විට 50% වර්ධනයකි.
රාජ්‍ය සංවිධානවල ආදායම් නොලබන ආයතනයක් බවට පත් කිරීමට උත්සාහ කිරීම පිළිබඳව අප කණගාටු වෙමු. අදාළ සියලු විස්තර 2011 ජූලි 07 වන දින පැවැති
රැස්වීමේදී මවිසින් පැහැදිලිව ඉදිරිපත් කළ බව දන්වා සිටිමි. එබැවින් මෙම තත්ත්වය නිවැරැදි කිරීමට අවශ්‍ය කටයුතු සලස්වන්නේ නම් මැනවි.
ශ්‍රී ලංකා පදනමේ සභාපතිවරයා විසින් මේ ලිපිය යවා ඇත්තේ පොදු ව්‍යාපාර කාරක සභාවේ ලේකම් එම්. නන්දසිරි පීරිස් මහතා වෙතය.
කර්තෘ සටහන - කෝප් වාර්තාවේ 09 වන පිටුවේ ශ්‍රී ලංකා පදනම 2010 මූල්‍ය වර්ෂය සඳහා පාඩු ලබන ආයතනයක් බව සඳහන් කර ඇත. එහෙත් පදනම විසින් "දිවයින" පුවත්පතටද පිටපත් සහිතව යවන ලද ලිපියේ ශ්‍රී ලංකා පදනම ලාභ ලබන ආයතනයක් ලෙස තහවුරු කොට නොමැත. එහි සඳහන් කර ඇත්තේ 2010 වසරට සාපේක්ෂව 2011 වසරේ දී ආදායමේ සිදුවූ වර්ධනයක් පිළිබඳව පමණි. ආයතනයේ වියදම් හෝ ලාභ තත්ත්වයන් ගැන ලිපියේ කිසිවක් සඳහන් නොවේ.
http://www.divaina.com/2011/12/06/news24.html
බාල ඖෂධ පෙති මිලියන 74 ක් රෝගීන්ට බෙදා හැරලා
ශ්‍යාම් නුවන් ගනේවත්ත
ඖෂධ සැපයුම් දෙපාර්තමේන්තුව විසින් බාල ප්‍රමිතියෙන් යුත් ඖෂධ පෙති මිලියන 74 ක් (හැත්තෑහතරක්) රෝගීන්ට බෙදාහැර ඇති බව අනාවරණය වී තිබේ. ප්‍රමිතියෙන් බාල ෆරස් සල්ෆයිට් පෙති මෙසේ බෙදාහැර තිබේ. මෙම පෙති ප්‍රමිතියෙන් බාල බව ජාතික ඖෂධ රසායනාගාරය විසින් ද තහවුරු කර ඇතැයි පොදු ව්‍යවසාය කාරක සභා (කෝප්) වාර්තාව සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් කෝප් කමිටුව කළ විමසුම්වලදී අදාළ සෞඛ්‍ය බලධාරීන් පවසා ඇත්තේ අදාළ ඖෂධ සම්බන්ධයෙන් ජාතික ඖෂධ රසායනාගාරයේ තත්ත්ව සහතිකය ලැබීමට පෙර මේ පෙති රෝගීන්ට නිකුත් කර තිබූ බවයි. එසේම රාජ්‍ය ඖෂධ සංස්ථාවට සෑම ඖෂධ වර්ගයක්ම පරීක්ෂා කර බැලීමට තරම් ප්‍රමාණවත් රසායනාගාර පහසුකම් නොමැති බවද ඔවුහු කෝප් කමිටුවට පවසනු ලැබ ඇත.
මෙවැනි ප්‍රමිතියෙන් බාල ෆරස් සල්ෆයිට් පෙති දශලක්ෂ 135 ක් තිබී ඇති අතර රෝගීන්ට බෙදාහැර ඇත්තේ මින් පෙති දශලක්ෂ 74 ක ප්රමාණයකි.
රසායනාගාර නොමැතිකමේ ප්රශ්නය සම්බන්ධයෙන් සෞඛ්‍ය ඇමැතිවරයා සහ අදාළ සෞඛ්‍ය බලධාරීන් සමග සාකච්ඡා කර විසඳුමක් ලබාගන්නා ලෙස මේ ගැන කෝප් කමිටුව නිර්දේශ කර ඇත.
මේ අතර තවදුරටත් කෝප් වාර්තාව අනාවරණය කරන්නේ රු. හයකෝටි හැටහයලක්ෂ පනස් එක්දහස් දෙසිය පහක (රු. 6,66,51,205 ක) වටිනාකමකින් යුත් කල් ඉකුත් වූ සහ ප්‍රමිතියෙන් බාල ඖෂධ පොත්වලින් කපා හැරීමට රාජ්‍ය ඖෂධ සංස්ථාවට සිදුව ඇති බවයි.
http://www.divaina.com/2011/12/06/news05.html
Green Movement Blog lists news and issues related to environment and development of Sri Lanka since June 2011. It is maintained by The Green Movement of Sri Lanka (GMSL), an organization concerned with environmental conservation and sustainable development.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment