වසර 20කට පසු ලැබූ ජයක්
බස් රථ 7000ක් ඉදිරියේදී
විජයානි එදිරිසිංහ සහ ශීලා උඩුවර
වර්ෂ 2011 දී ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය රුපියල් කෝටි දෙදහස් එක සීයක (2100) වාර්තාගත ආදායමක් ලබා ගෙන තිබේ. වසර විස්සකට අධික කාලයක් රුපියල් කෝටි ගණනක් පාඩුපිට පවත්වා ගෙන ගිය ලංගම මෙසේ ආදායම් වාර්තා තබා ඇත.
ජනතා විමුක්ති පෙරමුණේ භීෂණ සමයේ බස් රථ විශාල ප්‍රමාණයක් ගිනි බත් කළ අතර එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකු වූ රවි වෙත්තසිංහ ලංගම දේපළ විකුණා දැමීමත් සමඟම ආදායම බින්දුවට බැස ලංගම වසා දමන තත්ත්වයට පත් විය. මේ තත්ත්වය යටතේ ශ්‍රී ලංගම පෞද්ගලික අංශයට විකුණා දැමීමටද තීරණය කර තිබුණි.
1978 දී ලංගම සතුව බස් දොළොස් දහසක් (12,000) තිබුණි. නමුත් 2005 වර්ෂය වනවිට ඉතිරි වූයේ බස් රථ 4200 ක් පමණි.
අනෙක් බස් විකුණා දැමූ අතර තවත් කොටසක් පුළුස්සා තිබිණි. තවත් කොටසක් අබලන්ව ඩිපෝවල දිරාපත් විය.
ශ්‍රී ලංගම සතුව තිබූ වැඩපොළවල් ගණනාවක්ද විකුණනු ලැබුවේ රවී වෙත්තසිංහ සභාපතිවරයා සභාපතිව සිටියදී ය. ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සේවකයෝ පනස් දාහක් සේවය කළහ. ලංගම විකිණීමට තීරණය කොට සේවකයන්ට සොච්චම් වන්දියක් දී ගෙදර යැවීය. ඒ අතර කාලයේදී ශ්‍රී ලංගම ජනතා සන්තක ප්‍රවාහන, පොකුරු බස් සමාගම්, මධ්‍යම ගමනා ගමන මණ්ඩලය යන නම්වලටද පරිවර්තනය විය.
2005 වසරේදී ජනාධිපති පදවියට පත් මහින්ද රාජපක්ෂ මහතා අසාර්ථක ව්‍යාපාර ගොඩගැනීම යටතේ ලංගම ගොඩ ගැනීම සඳහා බස් රථ ලබා දෙමින් නව වැඩ පිළිවෙළ රැසක් ක්‍රියාත්මක කළේ ය.
ඒ යටතේ අබලන්ව ගාල්කර තිබූ බස් දහසක් අලුත් වැඩියා කෙරිණි. තවත් බස් රථ පන්සියයක් අලුතින් මිලදී ගැනිණි. ඉන් වැඩි ප්‍රමාණයක් ගම්බද ප්‍රදේශවලට යොදවා තිබේ.
සුඛෝපභෝගි බස් රථ සේවා ගණනාවක් ආරම්භ කර ඇත. ලබන වසර අවසානය වනවිට ශ්‍රී ලංගම ඉලක්කය බස් රථ ප්‍රමාණය හත්දහස දක්වා වැඩිකර ගැනීමයි. පෞද්ගලික බස් රථ වර්ජනයක් කළත් එයට සාර්ථකව මුහුණදීමට දැන් ලංගමය සමත් බව සභාපති එම්.ඩී.බන්දු සේන මහතා කියයි.
ලංගම දිනක ආදායම මිලියන 44 දක්වා ගොස් ඇති බවද ඒ මහතා කියයි.
http://www.dinamina.lk/2011/12/06/_art.asp?fn=n1112061
No comments:
Post a Comment