Monday, December 12, 2011

Plastic crates mandatory for veggies, fruits - now in operation (2 items)

ගෝනි තුළ අසුරා එළවළු, පලතුරු ප්‍රවාහනය ඊයේ රාත්‍රි සිට තහනම්

අකිත පෙරේරා

ගෝනි තුළ අසුරා එළවළු හා පලතුරු ප්‍රවාහනය කිරීම ඊයේ (11 දා) මධ්‍යම රාත්‍රියේ සිට රජය විසින් තහනම් කර ඇත. ප්ලාස්‌ටික්‌ සහ කඩදාසි හෝ දැව ඇසුරුම් තුළ මින් ඉදිරියට පලතුරු එළවළු අසුරා ප්‍රවාහනය කළ යුතු අතර, ඒවා ගෝනි තුළ අසුරා ප්‍රවාහනය කරන්නන්ගෙන් දඩ අයකර ගන්නා බව සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ ඇමැති ජොන්ස්‌ටන් ප්‍රනාන්දු මහතා "දිවයින"ට පැවැසීය.

මේ අනුව එවැනි අයකුගෙන් රුපියල් දසදහස දක්‌වා ද, ආයතනයකින් නම් රුපියල් ලක්‍ෂයක ද උපරිම දඩ මුදලක්‌ අයකර ගත හැකි බව ඇමැතිවරයා කීවේය.

ප්ලාස්‌ටික්‌ කූඩ සහ දැව ඇසුරුම් තුළ අසුරා තක්‌කාලි, බෝංචි, වම්බටු, මෑකරල්, තලන බටු, අමු මිරිස්‌, කැරට්‌, බණ්‌ඩක්‌කා, තිබ්බටු, දඹල, තුඹ කරවිල, කරවිල, මල් ගෝවා, ගෝවා, ලූනු මල්, කොල, සලාද, කොළ නෝකෝල්, රාබු, වැටකොලු, මාලු මිරිස්‌, පිපිඤ්Æ, නිවිති, බීට්‌ අල සහ බෙල් පෙපර් යන එළවළු වර්ග ද පැපොල්, අඹ, පේර, අලිගැට පේර, රඹුටන්, දොඩම්, දෙලුම්, මිදි, පෙයාර්ස්‌, මැංගුස්‌, ස්‌ටෝබෙරි, පැෂන් පෘට්‌, ගඩුගුඩා යන පලතුරු වර්ග ප්‍රවාහනය කිරීම අනිවාර්යය.

2011 ඔක්‌තෝබර් 13 නිකුත් කළ අති විශේෂ ගැසට්‌ නිවේදනය අනුව එවැනි ඇසුරුම් භාවිතය අවශ්‍ය නොවන එළවළු සහ පලතුරු වර්ග කිහිපයක්‌ වේ.

පතෝල, වට්‌ටක්‌කා, පුහුල්, ලීක්‌ස්‌, කොස්‌, අලබෝග, මුරුංගා, දියලබු, ලූනු යන එළවළු ද කෙසෙල්, කොමඩු, අන්නාසි යන පලතුරු වර්ගවලටද මෙම නීතිය අදාළ නොවේ.

එළවළු හා පලතුරු නිසි ලෙස ප්‍රවාහනය කරන්නේද යන්න පිළිබඳ පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් සහ පොලිසිය යොදා වැටලීම් කරන බවද ඇමැතිවරයා වැඩිදුරටත් පැවැසීය.


http://www.divaina.com/2011/12/12/news09.html


Plastic crates for vegetable, fruit transport mandatory

By Akitha Perera

The use of plastic crates for the transport of fruits and vegetables became mandatory from mid night yesterday (11).

Co-operatives and Internal Trade Minister Johnston Fernando told The Island that the law was introduced with the aim of providing fresh and nutritious fruits and vegetables to the public and minimising wastage.


The Minister said that the country could save Rs. 20 billion per year if plastic crates were used to transport fruits and vegetables.

The ministry will conduct raids to nab errant transporters. Consumers Affairs Authority units have been established in 17 places countrywide. The errant transporters would be fined up to Rs 10,000 each while if an institution found guilty the fine could go up to Rs 100,000.

It was reported that 30 percent of the vegetable and fruit harvest was wasted hitherto due to improper packing methods used in transportation.

The government would distribute containers through economic centres among farmers. The government had already provided around 350,000 plastic crates to the market and would provide another 400,000 crates to stores and economic centres, Minister Fernando said. "Several interested parties of the country who do not like to see the accelerated development of the country are trying to sabotage this effort. They want to create negative views about this among farmers with the aim of discouraging them," he said.

http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=41004

No comments:

Post a Comment