Monday, December 12, 2011

පාරිභෝගික ද්‍රව්‍ය ආනයන වියදම් ඉහළ නගී

ශ්‍යාම් නුවන් ගනේවත්ත

ශ්‍රී ලංකාවට විදේශයන්ගෙන් පාරිභෝගික ද්‍රව්‍ය ගෙන්වීමේ වියදම්වල සීග්‍ර වර්ධනයක්‌ සිදුව තිබේ.

ඒ අනුව මේ වසරේ (2011) පළමු මාස නමයේදී පසුගිය වසරට සාපේක්‍ෂව පාරිභෝගික ද්‍රව්‍ය ආනයන වියදම් සියයට 50 කින් ඉහළ ගොස්‌ ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවලින් හෙළිදරව් වේ. එම වාර්තාව පෙන්වා දෙන පරිදි 2010 වසරේ පළමු මාස නමයේදී ඇමරිකානු ඩොලර් මිලියන 2064.8 ක්‌ වූ පාරිභෝගික ද්‍රව්‍ය ආනයන වියදම මේ වසරේ (2011) පළමු මාස නමයේදී ඇමරිකානු ඩොලර් මිලියන 3096.1 ක්‌ දක්‌වා ඉහළ ගොස්‌ තිබේ.

පාරිභෝගික ද්‍රව්‍ය තුළ අඩංගු ආහාර හා පාන වර්ග ආනයන වියදම සියයට 26.4 කින් සහ වෙනත් පාරිභෝගික ද්‍රව්‍ය ආනයන වියදම් සියයට 86.9 කින්ද ඉහළ ගොස්‌ ඇතැයි එම වාර්තාවේ තවදුරටත් සඳහන්ය.

http://www.divaina.com/2011/12/12/news15.html

No comments:

Post a Comment