Saturday, December 10, 2011

අලියෙක්‌ දුම්රියට බිලි (2 items)

තවත් අලියෙක්‌ දුම්රියට බිලි

කොළඹ සිට මඩකලපුව බලා ගමන් කරන රාත්‍රි තැපැල් දුම්රියේ ගැටීමෙන් පසුගිය 9 දා අලුයම අලි මරණයක්‌ සිදුවී ඇත. කොළඹ - මඩකලපුව දුම්රිය මාර්ගයේ හබරණ සහ හතරැස්‌කොටුව අතර දෙසිය තිස්‌පස්‌වැනි කණුව අසලදී මෙම අලියා ගැටී ඇත. අලියා දුම්රියේ ගැටී මීටර් සියයක්‌ පමණ ඇදී ගොස්‌ දෙකට වෙන් වී මියගොස්‌ සිටියේය.

මින්නේරිය හා කවුඩල්ල වැව් ජලයෙන් පිරී ඇති නිසා මේ දිනවල මින්නේරිය හා කවුඩුල්ල ජාතික උද්‍යානවල වාසය කළ වල් අලි හුරුළු රක්‍ෂිතයට සංක්‍රමණය වෙති. මීට සති දෙකකට පමණ පෙර ද මේ ආසන්නයේම අලියකු දුම්රියේ ගැටී ඇත.


හබරණ - හරිස්‌චන්ද්‍ර ගුණවර්ධන



http://www.divaina.com/2011/12/10/news16.html


දුම්රියේ හැපී අලියා දෙකඩ වෙයි

හබරණ සමූහ

කොළඹ - මඩකළපුව දුම්රිය මාර්ගයේ හබරණ සහ හතරැස්කොටුව අතර දෙසිය තිස්පස්වැනි කණුව අසලදී වන අලියකු දුම්රියේ ගැටී ඉකුත් 12 දා අලුයම මියගොස් ඇත. කොළඹ සිට මඩකළපුව බලා ගමන් කරන රාත්‍රී තැපැල් දුම්රියේ ගැටීමෙන් මෙම අලි මරණය සිදුව ඇත. අලියා දුම්රියේ ගැටී මීටර් සියයක් පමණ ඇදී ගොස් දෙකට වෙන්වී මියගොස් සිටියේය.


ඡායාරූපය - හබරණ සමූහ ඩබ්ලිව්. එම්. එච්. ගුණවර්ධන

.http://www.dinamina.lk/2011/12/10/_art.asp?fn=n1112106

No comments:

Post a Comment