නව ඇසුරුම් නීතියට එරෙහි මැනිං විරෝධය උග්රවන ලකුණු
වෙළෙඳසල් වසා අද කොළඹ දැවැන්ත උද්ඝෝෂණයක්
සමන් ගමගේ
එළවළු හා පළතුරු ප්‍රවාහනයේදී පැනවුණු රජයේ නව ඇසුරුම් නීතියට එරෙහිව කොළඹ මැනිං වෙළෙඳ පොළේ වෙළෙඳුන්ගේ විරෝධතා උග්‍ර අතට හැරෙන තත්ත්වයක් නිර්මාණය වී තිබේ.
නව ඇසුරුම් ක්‍රමයට එරෙහිව ඊයේ (13 වැනිදා) කොළඹ මැනිං වෙළෙඳ පොළේ වෙළෙඳුන් ගෙනගිය විරෝධතා ව්‍යාපාරයෙන් පසු වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සහ මැනිං වෙළෙඳ සංගමය අතර පැවැති සාකච්ඡා අඩාල වීම මෙම තත්ත්වයට හේතු වී ඇත.
මෙම සාකච්ඡාවේදී රජයේ තීරණය කිසිසේත් ඉවත් නොකරන බවට වෙළෙඳ ඇමැතිවරයා ප්‍රකාශ කළ අතර මෙම නව ඇසුරුම් ක්‍රමය කිසිසේත්ම ප්‍රායෝගික නොවන බැවින් ඇමැතිවරයාගේ තීරණයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නා බව මැනිං වෙළෙඳ සංගමයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
ඒ අනුව කොළඹ මැනිං වෙළෙඳ පොළ අද (14 වැනිදා) කිසිදු වෙළෙඳ කටයුත්තක් සිදු නොවන පරිදි මුළුමනින්ම වසා දැමීමටද එහි වෙළෙඳුන් විසින් තීරණය කර තිබේ.
මෙම නව ඇසුරුම් ක්‍රමයට හා එය ඉවත් නොකිරීමට රජය ගනු ලැබූ තීරණයට එරෙහිව අද (14 වැනිදා) මැනිං වෙළෙඳ පොළද ඇතුළු සියලුම වෙළෙඳුන්, ගොවීන් හා එළවළු පළතුරු වෙළෙ¹මට සම්බන්ධ පාර්ශ්ව රැසක් කොළඹට කැඳවා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමටද නියමිතය.
මෙම තත්ත්වය හමුවේ ඉදිරියේදී කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල එළවළු මිල ගණන් විශාල ලෙස ඉහළ යැමේ අවදානමක්ද මතුවී තිබේ.
http://www.divaina.com/2011/12/14/news03.html
ප්ලාස්ටික් කූඩයට විරෝධය පා රටපුරා ගොවීහු වීදි බසිති
සරත් එරමිණිගම්මන
කරුණාරත්න පල්ලේගම - බණ්ඩාරවෙල
ආර්ථික මධ්‍යස්ථානය අසල සිට විරෝධතා පුවරු සහ මිනී පෙට්ටියක් ඔසවා ගෙන සටන් පාඨ කියමින් ඒ 9 මාර්ගය ඔස්සේ නගර මධ්‍යයේ ඔර්ලෝසු කණුව අසලට පැමිණ මාර්ගයේ ටයර් පුළුස්සා දමමින් මාර්ගය අවහිර කළහ. පසුව රතිඤ්ඤා දල්වමින් පැය ගණනාවක් විරෝධතාවයේ නිරත වූහ. විරෝධතාවය හේතුවෙන් මහනුවර - යාපනය ඒ 9 මාර්ගය සහ කොළඹ - ත්‍රිකුණාමලය ඒ 6 මාර්ගයේ වාහන ගමනාගමන කටයුතු මුළුමනින්ම පැය දෙකකට වැඩි කාලයක් ඇනහිට තිබූ අතර පොලිසිය මැදිහත්ව විකල්ප මාර්ගවල රථවාහන ධාවනය කිරීමට සැලැස්වීම නිසා පැවැති රථවාහන තද බදය අවම විය.
මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තිලක් අබේසිරිවර්ධන මහතාගේ උපදෙස් මත පොලිස් ස්ථාන රැසක නිලධාරීන් යොදවා ප්‍රදේශයේ සාමකාමී තත්ත්වය ආරක්ෂා කිරීමට පියවර ගත්හ.
බණ්ඩාරවෙල - ශාන්ත ලාල් නානායක්කාර සහ කරුණාරත්න පල්ලේගම - බණ්ඩාරවෙල
වෙළෙඳ හා පාරිභෝගික කටයුතු අමාත්‍යාංශය එළවළු, පලතුරු ප්‍රවාහනය සඳහා ප්ලාස්ටික් ඇසුරුම් භාවිතය අනිවාර්ය කිරීමට විරෝධය පළ කරමින් ඊයේ (13 දා) බණ්ඩාරවෙල තොග පොළ වසා දැමූ වෙළෙඳුන් ගොවි ජනතාව හා එක්ව බණ්ඩාරවෙල නගරයේදී දැඩි උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වූ බව වාර්තා වේ.
ඊයේ (13 දා) උදැසන සියලු තොග වෙළෙඳසල් වසා දැමූ වෙළෙඳුන් තොග පොළ අසල ටයර් පුළුස්සමින් එළවළු සහ පලතුරු ප්‍රවාහනය සඳහා පලාස්ටික් ඇසුරුම් භාවිතය අනිවාර්ය කිරීමේ තීරණය රජය විසින් වහාම ඉවත් කර ගත යුතු බවට සටන් පාඨ කියමින් උද්ඝෝෂණ ව්‍යාපාරයට එක්ව සිටියේය.
බණ්ඩාරවෙල අවට ප්‍රදේශවලින් බණ්ඩාරවෙල තොග පොළ කරා එළවළු ප්‍රවාහනය කළ ගොවි ජනතාව නිසි සැලසුමකින් තොරව රජය ගත් මේ තීරණය නිසා තමන් කබලෙන් ළිපට වැටී ඇති බවට මෙහිදී හඬ නැගූ අතර උද්ඝෝෂණය අතරවාරයේ රැස්ව සිටි පිරිස වෙළෙඳ සහ පාරිභෝගික කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ අනුරුවක්ද නිර්මාණය කොට ඊට දැඩි විරෝධතාවක් දක්වනු ලැබූහ.
උද්ඝෝෂණය පැවැති අවස්ථාවේ යම් සිද්ධියක් ඇතිවීමේ අවදානම වැළැක්වීමට බණ්ඩාරවෙල පොලිසිය විසින් දැඩි පොලිස් රැකවරණ යොදා තිබූ බවද මේ අතර වැඩිදුරටත් වාර්තා වේ.
http://www.divaina.com/2011/12/14/provin02.html
Crate dispute deadlocked
Protests sweep across country
By Shamindra Ferdinando
Those running the country’s premier vegetable and fruit wholesale market in the Pettah yesterday launched a massive protest opposite the Fort Railway Station demanding that the government reverse its controversial decision to make mandatory the use of plastic crates for the transport and storage of several types of perishable items.
Traders blocked traffic for several hours in spite of heavy police presence at the scene. H. L. Chandraratne said that they had suspended the protest after the government initiated talks with the representatives of those protesting against the move.
Farmers and traders launched protests in the provinces, including the towns of Hambantota, Dambulla and Tambuttegama, disrupting supplies to Colombo and other major collection and distribution centres. Protesters blocked roads and disrupted traffic for long periods as the police acted with restraint.
Addressing the media in Colombo, Cooperatives and Internal Trade Minister Johnston Fernando vowed that the government wouldn’t give into those protesting troublemakers. Rejecting allegations that his ministry had acted hastily in introducing the law, Minister Fernnado said that farmers and those engaged in the transport of perishable items were given adequate time to obtain plastic crates.
The Kurunegala District MP said that those unable to procure plastic crates were given an opportunity to obtain the required number of crates on an easy payment scheme. Responding to a query by The Island, the minister said that Landmaster tractors and three wheelers would be allowed to carry perishable items without plastic crates. An irate Fernando emphasized that the decision had been taken by the government, though a section of the media and those striking traders accused him of taking unilateral action.
Political sources told The Island that the problem had to be resolved before further deterioration of the situation. Nothing could be as bad as breaking of the supply line ahead of the forthcoming festive season, sources said. Asked whether the government was concerned about political implications, sources recalled how the JVP and the UNP had exploited unilateral action on the part of the government to include the apparel sector in the hotly disputed private sector pension scheme last June. The ongoing protest campaign, too, could become a rallying point for the Opposition, sources said.
Government sources said that law enforcement officers had been advised to act with extreme caution during protests to ensure there wouldn’t be Katunayake-type chaotic situation.
Sources said that with the sharp drop in the supply of fruits and vegetables, prices of those items shot up in Colombo and its suburbs. The failure to restore the supply within the next day or two could dry up the market, sources said, warning it could cause a catastrophic situation at both ends.
Farmers and traders dismissed a move by the government to deploy lorries belonging to Sathosa and Cooperatives, to transport perishable items, as propaganda. Sources said that there could be trouble if the government tried to procure vegetables directly. On an earlier occasion, the government deployed security forces to procure vegetable stocks and coconuts to overcome shortage in the market, sources said.
http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=41125
No comments:
Post a Comment