එළවළු විකිණීම නතර කළොත් මැනිං වෙළෙඳපළ නාරාහේන්පිටට
විජයානි එදිරිසිංහ
එළවළු සහ පලතුරු සඳහා කූඩ භාවිතයට රජය පැනවූ නීතිය කිසිසේත් අහෝසි නොකරන බව ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි. මැනිං වෙළෙඳ පොළේ එළවළු විකිණීම නතර කළහොත් ඒ වෙනුවට නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානය තොග වෙළෙඳ පොළ බවට පත් කිරීමටත් රජය තීරණය කර තිබේ. රජයේ මෙම තීරණය ඇමැතිවරයා ඊයේ (13) මාධ්‍යයට දැනුම් දුන්නේය.
ස.තො.ස. සහ සමුපකාරයට අයත් සහ පෞද්ගලික ලොරි සියයක් රජය මගින් ඊයේ එළවළු ප්‍රවාහනයට යොදා තිබිණි. අද එම ලොරි සංඛ්‍යාව 200 දක්වා වැඩි කෙරේ. හමුදාවේ ලොරිද දමා එළවළු ප්‍රවාහනයට පියවර ගෙන ඇත. අමාත්‍යවරයා සහ මැනින් වෙළෙඳ පොළේ ව්‍යාපාරික සංගමය අතර අමාත්‍යාංශයේදී ඊයේ සාකච්ඡාවක්ද පැවැත්විණි. එහිදී ව්‍යාපාරිකයන් ඉල්ලු සියලු ඉල්ලීම් ලබා දුන් ඇමැතිවරයා නීතිය කල් දැමීමට කළ ඉල්ලීම ඉවත දැමුවේය.
කූඩ ගබඩා කිරීමට ගබඩාවක් ලබාදීම කූඩ නොමිලයේ ප්‍රවාහනය කර දීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් මැනිං ව්‍යාපාරික සංගමයෙන් ඉල්ලා තිබිණි. ප්‍රදේශ ගණනාවක එළවළු ව්‍යාපාරිකයන්ට ගෝනි සපයන ව්‍යාපාරිකයෝ තඹුත්තේගම මහ මැතිවරණයෙන් පරාජය වූ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයෙක් නුවරඑළියේ අතරමැදියන් 25 දෙනෙක් ඇතුළු ජ. වි. පෙ. පිරිසක් රජයට එරෙහි උද්ඝෝෂණ පිටුපස සිටිති.
නුවරඑළිය ඇතුළු ප්‍රදේශ කීපයකින් කූඩවල එළවළු ප්‍රවාහනයට කැමැත්ත ප්‍රකාශ කර තිබිණි. කූඩ භාවිතා නොකරන ලොරි වැටලීම් අඛණ්ඩව සිදු කරන බවටද අමාත්‍යවරයා පවසයි. මේ වන විට ලොරි පනහක් පමණ වැටලීම්වලට හසුවී තිබේ. ඉන් කිහිපයකට රුපියල් දෙදහස අටදහස ආදි වශයෙන් දඩ නියම කර තිබේ. පරීක්ෂණ පවත්වා ඔවුන්ට රජයෙන් ලබාදී ඇති එම වෙළද සල්වලට සීල් තබා ඒවා ආපසු පවරා ගැනීමට තීරණය කර ඇති බවද අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කීය.
http://www.dinamina.lk/2011/12/14/_art.asp?fn=n1112144
තීරණය වෙනස් කරන්නේ නෑ : මැනිං වැසුවොත් එළවළු නාරාහේන්පිටදී විකුණනවා
වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු
අකිත පෙරේරා
එළවළු සහ පලතුරු ඇසුරුම් කූඩවල බහා ප්‍රවාහනය කිරීමේ නීතිය කිසිලෙසකින්වත් ඉවත් නොකරන බවත් ඊට විරෝධය පළ කොට කොළඹ මැනිං තොග වෙළෙඳ පොළේ වෙළෙදාම් නොකරන්නේ නම් එළවළු තොග නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයට ගෙන ගොස් තොග මිලට ඒවා අලෙවි කිරීමට තමන් සූදානම් බවත් සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඊයේ (13 දා) පැවසීය.
අදාළ නීතිය නීතිගත කිරීමට පෙර ඊට හැඩගැසීමට ඇති තරම් කාලය රජය විසින් ලබාදුන් බවද කී ඒ මහතා මීට අවනත නොවන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන අතර ත්‍රිරෝද හෝ ට්‍රැක්ටර් මඟින් එළවළු ප්‍රවාහනයෙන් වෙළෙදාම් කරන සුළු වෙළෙඳුන්ට එය බලනොපාන බව එම අමාත්‍යාංශයේදී ඊයේ (13 දා) පැවැති මාධ්‍ය හමුවකදී කීය.
එළවළු සහ පලතුරු ප්‍රවාහනය සඳහා මීට පෙර කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් කූඩ ලක්ෂ 02 ක් ලබාදී ඇතැයිද මේ වන විට ජනතාව අතරට කූඩ ලක්ෂ 04 ක් පමණ ගොස් ඇතැයිද කී ඇමැතිවරයා තවත් කූඩ ලක්ෂ 10 ක් නිෂ්පාදනය කොට වෙළෙඳපොළට යවා ඇතැයිද කියා සිටියේය.
අදාළ නීතිය මඟින් පාරිභෝගිකයන්ටද ගොවීන්ටද වාසි අත්වන බවද කී ඒ මහතා හොඳ තත්ත්වයෙන් යුතු එළවළු සහ පලතුරු අඩු මිලට මිලදී ගැනීමේ අවස්ථාව මෙමඟින් හිමිවන බවද සඳහන් කළේය.
ගොවියන්ගේ අස්වැන්නෙන් අපතේ යන ප්‍රමාණය මෙම නීතිය ක්‍රියාත්මක කිරීම තුළින් වැළකෙන බවද කී ඇමැතිවරයා මෙම තීරණය රජය විසින් ගනු ලැබූ ඉතා යහපත් තීරණයක් බවද කියා සිටියේය.
කොළඹ මැනිං තොග වෙළෙඳ පොළේ ඇතිව තිබෙන තත්ත්වය සම්බන්ධව තමන් එහි වෙළෙඳුන් සමඟ සාකච්ඡා කළ අතර ඔවුන්ගේ සියලු යෝජනාවලට තමන් එකඟ වූ නමුදු මෙම නීතිය ක්‍රියාත්මක කිරීම කල් දමන ලෙස ඔවුන් කළ ඉල්ලීමට තමන් කිසිසේත් එකඟ නොවූ බවද ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමැතිවරයා කීය.
එළවළු, පලතුරු ප්‍රවාහනයට අවශ්‍ය කූඩ ලබාදී සහ ඒවා සහනදායි ක්‍රමයට මිලට ගැනීමට සහ කුලියට සැපයීමේ වැඩපිළිවෙළක් සකසා ඇතැයිද එසේ තිබියදී මීට විරුද්ධවන්නේ රජයට එරෙහි කුමන්ත්රණකරුවන් බවද හෙතෙම පැවසීය.
තඹුත්තේගම ආර්ථික වෙළෙඳ මධ්‍යස්ථානයේ ඇති කළ විරෝධතාව සංවිධානය කර ඇත්තේ ගෝනි වෙළෙන්දකු බවද ඔහු මේ සඳහා මත්පැන්ද මුදල් ද ලබාදී ඇති බවට තමන්ට තොරතුරු ලැබී ඇතැයිද ඇමැතිවරයා සඳහන් කළේය.
යම් කිsසිවෙකු ආර්ථික මධ්‍යස්ථානවල කටයුතුවලට බාධා ගෙන දෙන පරිදි කටයුතු කරන්නේ නම් ඊට විරුද්ධව රජය ක්‍රියාකරන අතර එවැනි ක්‍රියාවකට එහි වෙළෙන්දන් සම්බන්ධවී ඇත්නම් ඔවුනගේ කඩ කාමර යළි අත්පත් කරගන්නා බවද හෙතෙම කීය.
http://www.divaina.com/2011/12/14/news02.html
Govt stands firm on plastic crates issue
Ishara MUDUGAMUWA
The government will not relax or withdraw the regulation on the mandatory use of plastic or wooden crates when transporting vegetables and fruits, Internal Trade and Cooperative Minister Johnston Fernando said at a media briefing at the ministry yesterday. "The government introduced this regulation to provide fresh and quality fruits and vegetables for consumers and provide a good price for farmers. About 30 to 40 percent of fruits and vegetables go waste due to improper transportation. This results in a loss of around Rs 20 billion," the minister said.
Fernando said that certain elements were trying to spread rumours regarding this to gain political advantage.
Protests were started by some farmers and businessmen against the mandatory use of plastic or wooden crates to transport vegetables and fruits.
This regulation will not effect people who transport vegetables to their homes and three wheelers and land masters which transport vegetables or fruits. Only the large-scale fruit and vegetable transporting vehicles will come under probe, he said.
"After a discussion with Colombo Manning Market businessmen, the ministry agreed to solve matters without relaxing the regulations. The ministry will provide a separate place to store fruits and vegetables as they have limited storage facilities in their stores.
The ministry has sent 100 lorries to transport vegetable and if there is a vegetable shortage in Colombo, the Narahenpita Economic Centre will be converted into a wholesale vegetable market. Nuwara Eliya farmers have also agreed to use plastic crates," the minister said.
He said that President Mahinda Rajapaksa always gave priority to farmers. "Farmers lose five to 10 percent of their produce during transportation. This will not happen if they use plastic crates. With the introduction of the new regulation, farmers can get a good price for their produce," the minister said.
He said that about 200,000 plastic crates were sold at Dambulla and Thambuttegama economic centres by yesterday.
The crates are produced locally. About 200,000 crates were issued by the Agriculture Ministry as a subsidy.
One million crates have been produced and released to the market. The ministry has taken measures to rent crates at Rs 50 per week.
If somebody doesn't agree with the regulation under these facilities, there definitely has to be some political or personal motive, Fernando said.
The Minister said, according to information he received a person selling sacks was behind the protest at the Meegoda Economic Centre.
"If a stall owner of economic centre tries to create problems regarding this matter, the ministry will seal their stalls," he said.
Consumer Affairs Authority chairman Rumy Marzook said of the 16 lorries checked yesterday only four lorries transported fruits and vegetables without crates.
"They were taken into custody and a Rs 2000 fine was imposed.
http://www.dailynews.lk/2011/12/14/news30.asp

No comments:
Post a Comment