Saturday, June 25, 2011

Another tamed elephant dead

රෝගීව ප්රතිකාර ලබමින් සිටි පින්නවල "අනුරාධා" මියයයි

රඹුක්කන - නිහාල් පුෂ්පකුමාර

රඹුක්කන, පින්නවල අලි අනාථාගාරයේ මාස 3 කට අධික කාලයක්අසාධ්යව ප්රතිකාර ලබමින් සිටි "අනුරාධා" ඇතින්න පසුගිය 23 දින මිය ගියාය.

මීට බොහෝ කාලයකට පෙර මෙම ඇතින්න වෛරස්ආසාදනයක්නිසා රෝගී තත්ත්වයකට පත්වූ අතර පසුගිය මාස කීපය පුරාම ඇය ඉතා අසාධ් තත්ත්aවයෙන් පසු වූවාය. අලි අනාථාගාරයේ වෙසෙන අලියකුගේ පහරදීමට ලක්වූ "අනුරාධා" ගේ ඉදිරි පාදය පැපිලෝමා ආසාදිත තත්ත්වයකට පත් වූ බව වෛද්යවරු නිගමනය කළහ. පේරාදෙණිය පශු වෛද් පීඨයේ කථිකාචාර්ය පශු වෛද් නෙවිල් සිල්වා මහතාගේ උපදෙස්පරිදි අලි අනාථාගාරයේ වෛද්යවරුන් ඇයට ප්රතිකාර කළහ. 

අනුරාධගේ ජීවිතය බේරා ගැනීම සඳහා ජාතික සත්ත්වෝද්යාන දෙපාර්තමේන්තුව විශාල මුදලක්වැය කරන ලද අතර බෙහෙත් වර්ග සඳහා පමණක්රුපියල් දස ලක්ෂයකට අධික මුදලක්වැය කර ඇති බව ජාතික සත්ත්වෝද්යාන අධ්යක් ජනරාල් භාෂ්වර සේනාංක ගුණරත්න මහතා පැවසීය. 

නොච්චියාගම දුනුපොත මහ වනයේ අතරමංව සිටියදී 1982 වසරේදී සොයාගනු ලැබූ මෙම පැටවා 1982.06.13 දින වනජීවී නිලධාරීන් විසින් පින්නවලට භාරදීමෙන් පසුව "අනුරාධා" යෑයි නම් කරනු ලැබීය. ඇය අලි අනාථාගාරයේ හැදී වැඩී අනුරාධිකා, වසභ සහ අසේල යනුවෙන් නම් තබන ලද පැටවුන් තිදෙනකු බිහි කළ මවක වූවාය.

මිය යන විට අවුරුදු 29 ක්පමණ වයස වූ "අනුරාධා"ගේ ජීවිතය බේරා ගැනීමට පේරාදෙණිය වෛද් පීඨයේ පශු වෛද්යවරුන් විශාල කැපවීමකින් යුතුව ප්රතිකාර කරනු ලැබුවද ඇය

Source: http://www.divaina.com/2011/06/25/news08.html

No comments:

Post a Comment