Friday, June 17, 2011

Centres to study rivers

ගංගා-ජලාශවල තොරතුරු කියන්න මධ්‍යස්ථාන 122ක්


ශ්‍රී ලංකාවේ ජලාශ ඇළ දොළ ගංගා වර්ෂාපතනය සහ ගංවතුර පිළිබඳ වෙනස්වීම් අධ්‍යයන කොට රටට තොරතුරු ලබා දීමේ වැඩපිළිවෙළක් වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශය ආරම්භ කරයි.දිවයින පුරා මධ්‍යස්ථාන 122න් මේ තොරතුරු සැපයේ. මේ සඳහා වැය වන මුදල රුපියල් මිලියන 600කි.
මේ දත්ත පද්ධතියේ කටයුතු ලබන ඔක්තෝබරයේ දී ආරම්භ කරන බව වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. එය ස්ථාපනය කිරීමේ දී නවීන තාක්‍ෂණ උපකරණ භාවිත කරන බවද ඇමැතිවරයා පවසයි. එමෙන්ම එය පූර්ණ පරිගණක ගත දත්ත පද්ධතියක් ලෙස ස්ථාපනය කෙරේ.

No comments:

Post a Comment