Wednesday, June 15, 2011

Legal action on vendors who breached consumer act

The following 2 news items mention of recent incidents of legal action taken against vendors who breached consumer act. The first news item depicts the nature of the problem, 20,000 caught within 6 months. This could be the reality in Sri Lanka.


පාරිභෝගික පනත උල්ලංඝනය කළ කූට වෙළෙඳුන් විසිදහසක් දැලේ

පහළොස් දහසකට දැනටමත් නඩු
පාරිභෝගික පනත උල්ලංඝනය කරමින් අසාධාරණ ලෙස භාණ්ඩ අලෙවිකළ වෙළඳුන් විසිදහසක් කොටුකර ගැනීමට පසුගිය මාස හය තුළ පාරිභෝගික අධිකාරියට හැකි වී තිබේ.මොවුන් අතරින් මේ වන විට පහළොස්දහසකට පමණ නඩු පවරා තිබේ. නියමිත බර නොමැතිවීම, භාණ්ඩ මිල අසාධාරණ ලෙස වැඩිකර විකිණීම, කල් ඉකුත් වූ භාණ්ඩ අලෙවිය, නියමිත ප්‍රමිතිය නොමැතිවීම, භාණ්ඩ මිල ප්‍රදර්ශනය නොකිරීම, පාලන මිලට වඩා වැඩියෙන් භාණ්ඩ අලෙවි කිරීම ඇතුළු පාරිභෝගික අධිකාරියට පටහැනි වැරදි රාශියක් සම්බන්ධයෙන් එම වෙළඳුන්ට එරෙහිව නීතිමය පියවර ගෙන තිබේ.
මෙම වැටලීම්වලදී විශේෂයෙන් කල් ඉකුත් වූ බීම වර්ග පැකට් කළ ආහාර ආදිය අලෙවි කළ විශාල පිරිසක් හසු වී ඇත. අලෙවියෙන් ඉවත් නොකර විකිණීමට සූදානම් කර තිබූ කල් ඉකුත් වූ එවැනිම ආහාර ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක්ද සොයාගෙන ඇත. තවද ආහාර ඇඳුම් පැළඳුම්, සුවඳ විලවුන් වර්ග ඇතුළු ද්‍රව්‍ය රැසක් නියමිත මිලට වඩා වැඩිමිලට විකිණීමට සූදානම් කර තිබී ඇත.
පාරිභෝගික පනත උල්ලංඝනය කරමින් භාණ්ඩ අලෙවි කරන වෙළඳුන් හැත්තෑපන්දහසක් පමණ රටපුරා සිටින බවට තොරතුරු ලැබී තිබේ. අඩුම වශයෙන් මේ වසර තුළ කූඨ වෙළඳුන් හැත්තෑදහසක්වත් නීතියට කොටුකර ගතයුතු බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාරිභෝගික අධිකාරියට උපදෙස් දී ඇත.

Source: http://www.dinamina.lk/2011/06/15/_art.asp?fn=n11061512


නිෂ්පාදකයන්ගේ නම් නොමැති චුවින්ගම් විකුණා දඩ කයි


චුවිංගම්, බබල්ගම්, ආදී රස කැවිලි විශේෂ පැකැට්ටුවල එහි නිෂ්පාදකයින්ගේ නම්, මිල, කල් ඉකුත්වන දින රහිතව අලෙවියට තබාගත් වෙළඳුන් 5 කු ගම්පහ අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
චෝදනාවට වරද පිළිගත් වෙළෙඳුන් 5 දෙනාට එක් අයෙකුට රුපියල් 10000/= දස දහස බැගින් රුපියල් 50000/= පනස් දහසක දඩ මුදලක් ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ඉන්දික අත්තනායක මහතා (14) දින නියම කෙළේ ය. පැමිණිල්ල පාරිභෝගික අධිකාරියේ මූලස්ථාන විමර්ශන නිලධාරීන් ඉදිරිපත් කළහ. දඩ නියම වූයේ එන්. කුමාරි, පී. වීරසිංහ, බී. නිමල්, අනුර ජයරත්න යන අයට ය.

Source: http://www.dinamina.lk/2011/06/15/_art.asp?fn=n11061513

No comments:

Post a Comment