We should look forward to read the results of these experiments.
ආසනික් කතාවේ ඇත්ත නැත්ත සෙවීමට රාජ්‍ය ආයතන 3ක්
චමින්ද සිල්වා
ජනතාව පරිභෝජනය කරන සහල්වල විෂ සහිත ආසනික් රසායනික ද්‍රව්‍ය අඩංගු බවට චෝදනා එල්ලවීමත් සමඟ ඒ සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වීම රාජ්‍ය ආයතන තුනක් වෙත පවරා ඇත. එම පරීක්‍ෂණ කටයුතු අද (9 දා) ආරම්භ වෙයි.
පර්යේෂණ පැවැත්වීම සඳහා මුළු දිවයිනම ආවරණය වන ලෙස වී සාම්පල් ලබාගෙන කාර්මික තාක්‍ෂණ ආයතනය, පරමාණු බලශක්‌ති අධිකාරිය සහ මහනුවර මූලික අධ්‍යයන යන ආයතන වෙත යවා සතියක් පමණ කාලයක් ඇතුළතදී සහල්වල විෂ රසායනික ද්‍රව්‍ය අඩංගුද යන්න වාර්තාවක් බලාපොරොත්තු වන බව බතලගොඩ සහල් පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ අධ්‍යක්‍ෂ ආචාර්ය නිමල් දිසානායක මහතා ඊයේ (08 වැනිදා) පැවැසීය.
පසුගියදා මෙරටට ගෙන්වා තිබියදී රේගුව මගින් පිටකිරීම තහනම් කර ඇති කෘෂි රසායන ද්‍රව්‍ය අඩංගු කන්ටේනර්වල තිබෙන කෘෂි රසායනික ද්‍රව්‍යවලද සාම්පල් මේ වනවිට කෘෂිකර්ම ඇමැති මහින්ද යාපා අබේවර්ධන මහතාගේ උපදෙස් මත පරීක්‍ෂණ පැවැත්වීමට කාර්මික තාක්‍ෂණ ආයතනය වෙත යෑවීමට පියවර ගෙන ඇතැයිද දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.
Source: http://www.divaina.com/2011/06/09/news05.html
No comments:
Post a Comment