Wednesday, June 29, 2011

Turtle died at Hikkaduwa

ධීවරයන්ගේ පහර දීමෙන් කැස්බෑවකු අහිමි වෙයි

සංරක්‍ෂණ ආයතනයෙන් ප්‍රතිකාර කළත් ඵලක් වූයේ නෑ

පසුගිය දිනෙක මහ මුහුදේදී කැස්බෑවකුට ධීවරයන් විසින් හබලකින් ගැසීම නිසා ඔළුව තැලීමෙන් හා කැස්බෑවාගේ ඉදිරි කකුල කැඩීම නිසා හික්කඩුව වෙරළට ගොඩගැසීම නිසා ප්‍රදේශවාසීන් වෙරළ සංරක්‍ෂණ නිලධාරීන්ට භාර දී ඇත. පසුව මේ කැස්බෑවා හික්කඩුව පැරෑලිය මුහුදු කැස්බෑවන් සංරක්‍ෂණ ආයතනයට රැගෙන ගොස් එහිදී ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව මියගොස් ඇත. මේ කැස්බෑවාගේ බර කිලෝ තිහකට වැඩි බවත්, මියගිය කැස්බෑවා පොළොව යට මිහිදන් කිරීමට නිලධාරීන් මේ ආයතන හිමිකරුට උපදෙස් දුන් අතර, ප්‍රදේශවාසීන් පවසන්නේ මෙවැනි අසරණ සතුන්ට මෙවැනි විපත් කිරීමෙන් වළකින ලෙසය.
 ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය කැස්බෑවා

No comments:

Post a Comment