Tuesday, June 28, 2011

Knuckles fire - updates (3 items)

The area of forest destroyed is confusing. 


නකල්ස්‌ ගින්න මැඬපැවැත්වීමට ගුවන් හමුදා සහාය
ලසිත දුමින්ද

නකල්ස්‌ රක්‍ෂිතයේ යහන්ගල ප්‍රදේශයේ ඇති වී තිබෙන ගින්න මැඬපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහාය ලබාගැනීමට වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (27 වැනිදා) පියවර ගෙන ඇත. ඒ අනුව අදාළ ඉල්ලීමට අනුව ගුවන් හමුදාවේ බෙල් 212 වර්ගයේ ගුවන් යානාවක්‌ ඊයේ පෙරවරුවේ එම ප්‍රදේශයට යෑවූ බව ගුවන් හමුදා ප්‍රකාශක ගෲප් කපිතාන් ඇන්ඩි විඡේසූරිය මහතා සඳහන් කළේය.

නකල්ස්‌ රක්‍ෂිතයේ ගින්න පසුගිය 25 වැනිදා ඇතිවී ඇති අතර එය 26 වැනිදා දහවල් වනවිට ගින්න මුළුමනින්ම මැඬපැවැත්වීමට පියවර ගෙන තිබිණි.

එහෙත් යළිත් වරක්‌ එම ප්‍රදේශයේම ගින්නක්‌ පෙරේදා (26 දා) රාත්‍රි ඇතිවීම නිසා තත්ත්වය පාලනය කිරීමට මෙසේ ගුවන් හමුදාවේ සහාය ලබාගෙන තිබේ.

මෙම ගිනි ගැනීම නිසා නකල්ස්‌ රක්‍ෂිතයේ ප්‍රදේශ දෙකක හෙක්‌ටයාර් 50 කට ආසන්න ප්‍රමාණයක්‌ මුළුමනින්ම විනාශ වී ඇත.

රක්‍ෂිතයේ ඇති වී තිබෙන ගින්න මැඬපැවැත්වීම සඳහා යුද හමුදාව හා ගිනි නිවීමේ හමුදාව ද එක්‌ව සිටී.

මෙම ගිනි ගැනීමට හේතුව මෙතෙක්‌ අනාවරණය වී නොමැති අතර කිසියම් පිරිසක්‌ රක්‍ෂිතයට ගිනි තබන්නට ඇතැයි වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව සැක පහළ කරයි.

රක්‍ෂිතය අවට මේ දිනවල පවතින අධික වියළි කාලගුණික තත්ත්වය හා දැඩි සුළං නිසා ගින්න මැඬපැවැත්වීමට අපහසු වී තිබේ.



Source: http://www.divaina.com/2011/06/28/news11.html



නකල්ස් ගින්න නිවීමට ගුවන් හමුදාවේ සහාය


නකල්ස් රක්‍ෂිතයේ පැතිර යමින් තිබෙන ගින්න නිවීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් යානා සහය ලබා ගැනීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
නකල්ස් රක්‍ෂිතයේ නැෙඟනහිර කඳු බෑවුම් කොටසේ අක්කර 700කට වඩා වැඩි ප්‍රමාණයක් මේ වන විට ගින්නෙන් විනාශ වී ගොස් ඇතැයි උඩුදුම්බර පොලිසිය පවසයි.
පොලිස් නිලධාරීන්, වනජීවි නිලධාරීන් සහ යුද හමුදා සෙබළුන් එක්ව ගින්න මැඩ පැවැත්වීම සඳහා කටයුතු කරමින් සිටිති.
ගුවන් හමුදාව විසින් මෙම ප්‍රදේශයට හෙලිකොප්ටර් යානා පිටත් කර හරින ලද බවත් ඒවා ඕනෑම අවස්ථාවක් සඳහා සූදානම් කර ඇති බවත් ගුවන් හමුදා මාධ්‍ය ඒකකය පවසයි.
සතුන් දඩයම් කරන්නන් හෝ හේන් ගොවිතැන් කරන්නන් මෙම ප්‍රදේශය ගිනි තැබීම සිදු කරන්නට ඇතැයි පොලිසිය සැකකරයි. වන ජීවී නිලධාරීන් සහ උඩුදුම්බර පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

Source: http://www.dinamina.lk/2011/06/28/_art.asp?fn=n11062812


Knuckles fire destroys over 600 acres


The fire which broke out in the Kalugalla Patana area in Ududumbara on the Eastern slope of the Knuckles Range destroyed over 600 acres of forest cover.
The Kandy District Coordinator of the National Disaster Management Center Major Kamal Herath stated that the fire had spread from Kalugal Patana area to Yahangala Patana area in Yahangala by last morning.
He said it was difficult to douse the fire because it had spread along a slope and there were strong winds. However, the fire had been doused with the support of a SLAF Bell 212 helicopter and the deployment of over 50 Sri Lanka Army personnel.

No comments:

Post a Comment