Sunday, June 19, 2011

Explosives for the northerns

උතුරේ වැසියන්ට බලපත්‍ර මත පුපුරණ ද්‍රව්‍ය නිකුත් කෙරේ

දිනසේන රතුගමගේ

සාමකාමී පරිසරයක්‌ උදාවීමත් සමගම උතුරේ වැසියන්ට බලපත්‍ර ක්‍රමය යටතේ පුපුරණ ද්‍රව්‍ය නිකුත් කිරීමට රාජ්‍ය ආරක්‌ෂක අමාත්‍යාංශය තීරණය කොට තිබේ. මේ අනුව උතුරේ වැසියන්ට අවශ්‍ය පුපුරණ ද්‍රව්‍ය ගබඩා කිරීම සඳහා වවුනියාව කුඩාකච්චකොඩිය ප්‍රදේශයේ පුපුරණ ද්‍රව්‍ය ගබඩාවක්‌ පිහිටුවීම පසුගියදා සිදුවිණි.

මීට පෙර උතුරේ වැසියන්ට පුපුරණ ද්‍රව්‍ය නිකුත් කරනු ලැබුවේ අනුරාධපුරයේ පුපුරණ ද්‍රව්‍ය පාලකවරයා යටතේ යුද හමුදාවේ දැඩි අධීක්‌ෂණය මධ්‍යයේය. මේ හේතුව මත උතුරේ වැසියන්ට කලුගල් වැඩපළවල් පවත්වා ගෙන යැම හා ළිං ගැඹුරු කිරීම යන කරුණුවලදී පුපුරණ ද්‍රව්‍ය ලබාගැනීමට නොහැකි වීමෙන් දැඩි දුෂ්කරතාවකට මුහුණ පෑමට සිදුවිය.

මේ වන විට උතුරු පළාතේ දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලවලට අනුබද්ධව පුපුරණ ද්‍රව්‍ය පාලකවරුන් පත් කොට ඇති අතර උතුරේ වැසියන්ට සිය අවශ්‍යතා මත පුපුරණ ද්‍රව්‍ය බලපත්‍ර ක්‍රමය යටතේ ලබාගැනීමට අවස්‌ථාව සලසා දී තිබේ.



Source: http://www.divaina.com/2011/06/19/news04.html

No comments:

Post a Comment