Monday, June 27, 2011

Mobile phones can cause troubles, but we reduce rates!

ජංගම දුරකථන ගාස්තු පහළට

ජංගම දුරකථන අවම ගාස්තුව තවදුරටත් පහළ දැමීමට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව තීරණය කර ඇත.
ඒ සඳහා දුරකථන සමාගම් වෙත අවසර ලබාදී තිබෙන බවත් ලබන ජූලි මාසයේ සිට නව ක්‍රමය ක්‍රියාත්මක කෙරෙන බවත් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොම්ෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා පවසයි.ජංගම දුරකථන සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් දැනට නියම කර තිබෙන මිනිත්තුවක් සඳහා වූ රුපියල් 2.00 අවම ගාස්තුව නව ක්‍රමය යටතේ රුපියල් 1.50 ක් වන බවද ඒ මහතා සඳහන් කරයි.
පාරිභෝගිකයන්ට සහන සැළසීම සඳහා අයවැය ලේඛනය මඟින් රජය ජනතාවට ලබාදුන් පොරොන්දුවක් මේ මඟින් ඉටුවන බවද හෙතෙම කියා සිටී.ශ්‍රී ලංකාවේ ස්ථාවර දුරකථනවලට සාපේක්ෂව ජංගම දුරකථන සබඳතාවේ විශාල වර්ධනයක් පෙන්නුම් කරන බවද අනූෂ පැල්පිට මහතා පෙන්වා දෙයි.මෙරට භාවිත කරන දුරකථන ප්‍රමාණය මිලියන 20 කට ආසන්න වන බවත් ඉන් මිලියන 17 කට ආසන්න සංඛ්‍යාවක් ජංගම දුරකථන බව ද විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

No comments:

Post a Comment