Tuesday, June 28, 2011

Water shortage due to lack of rain?

මාඋස්‌සාකැලේ කාසල්රි ජල මට්‌ටම ශීඝ්‍රයෙන් බසී 
ඡායාරූප හා සටහන - මස්‌කෙළිය ගාමිණී බණ්‌ඩාර ඉලංගන්තිලක 

ජාතික ජල විදුලි බල පද්ධතියට අයත් ප්‍රධානතම ජලාශ දෙකක්‌ වන මාඋස්‌සාකැලේ හා කාසල්රී යන ජලාශ දෙකේ ජල මට්‌ටම ඉතා ශීඝ්‍රයෙන් පහත බසිමින් පවතී.

මධ්‍යම කඳුකරයේ ජල විදුලි බලාගාර ජලාශ පිහිටි පෝෂක ප්‍රදේශවලට මාස කීපයක්‌ තිස්‌සේ ප්‍රමාණවත් වැසි නොලැබීම නිසා මාඋස්‌සාකැලේ හා කාසල්රී යන ජලාශ වල ජල මට්‌ටම ඊයේ (27 දා) පෙරවරුව වන විට පිළිවෙළින් පිටාර මට්‌ටමේ සිට අඩි 59 අඟල් 07 ක්‌ හා අඩි 67 ක්‌ වශයෙන් පහත බැස ඇති බව ලක්‌ෂපාන ජල විදුලි බලාගාර සංකීර්ණයේ උසස්‌ නිලධාරියෙක්‌ පැවසීය. ලක්‌ෂපාන ජල විදුලි බලාගාර සංකීර්ණයට අයත් නව ලක්‌ෂපාන, ලක්‌ෂපාන කැනියොන්, විමලසුරේන්ද්‍ර හා පොල්පිටිය යන විදුලි බලාගාර සඳහා ප්‍රධාන වශයෙන් ජලය සැපයෙන්නේ මෙම ජලාශ දෙකෙනි. විදුලි බලාගාර ජලාශවල ජල මට්‌ටම ශීඝ්‍ර ලෙස පහත බැසීම හේතුවෙන් ඉදිරියේදී විදුලි අර්බුදයක්‌ ඇතිවන බවට විදුලි බල මණ්‌ඩලයේ බලධාරීන් මේ වන විටත් අනතුරු අඟවා ඇත.



Source: http://www.divaina.com/2011/06/28/news09.html

No comments:

Post a Comment