The following news item explains the need of a continuous clean-up programmes to prevent dengue. Specially in schools.
ශුද්ධ පවිත්‍ර කරන්නේ ඩෙංගු මර්දන සතියේදී පමණයි
පාසල් දරුවන්ගෙන් 75% කට ඩෙංගු වැළඳීමේ අවදානමක්
අජිත් අලහකෝන්
මෙරට පාසල් අතරින් සියයට හැත්තෑ පහක සිසු දරුවන්ට ඩෙංගු රෝගය වැළඳීමේ අවදානමක් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් "දිවයින" ට කීය.
මේ වන විටත් මෙම පාසල්වල දරුවන් කිහිප දෙනකුට ඩෙංගු රෝගය වැළඳී ඇති අතර කොළඹ පිහිටි එක්තරා පෞද්ගලික පාසලක් ඩෙංගු තර්ජනය නිසා තාවකාලිකව වසා දැමීමට තීරණයක් ගෙන ඇති බවට තොරතුරු ලැබී ඇතැයිද ඉහත ප්‍රකාශකයා කීය. මෙම පෞද්ගලික පාසලේ නේවාසිකාගාරයේ සිටින සිසුන් රැසකට ඩෙංගු රෝගය වැළඳී ඇතැයිද කී එම ප්‍රකාශකයා රටේ පාසල්වලින් සියයට හැත්තෑපහක ඩෙංගු මදුරු කීටයන් සහිත ස්ථාන තිබෙන බවට අනාවරණය වී ඇතැයිද කීය.
බොහෝ පාසල්වල පංති කාමර සහ අවට පරිසරය ශුද්ධ පවිත්‍ර කිරීමට පෙළඹෙන්නේ ඩෙංගු මර්දන සතියේ දී පමණක් බවද ඉන්පසු ඒ පිළිබඳ කිසිදු උනන්දුවක් දක්වන්නේ නැතැයිද කී ඉහත ප්‍රකාශකයා පාසල් සිසු දරුවන් ඩෙංගු රෝගයෙන් බේරා ගැනීම සඳහා විදුහල්පතිවරුන්, ගුරුවරුන් මෙන්ම දෙමව්පියන්ගේද දැඩි අවධානය සමහ උනන්දුව තිබිය යුතු බව කීය.
Source: http://www.divaina.com/2011/06/14/news01.html
No comments:
Post a Comment