Sunday, June 19, 2011

ඩෙංගු මදුරුවාට රැකවරණ දෙන කොයි කාටත් තද දඬුවම්

ඩෙංගු මදුරු මර්දනයට සහාය නොදෙන කවරකුට වුව තරාතිරම නොබලා නඩු පැවරීමට පොලිසිය, මහජන සෞඛ්‍ය අංශය හා වසංගත රෝග අංශය ඒකාබද්ධව මෙහෙයුමක් ආරම්භ කොට තිබේ.

මෙවැනි ක්‍රියා මාර්ගයක් ගැනීමට තීරණය වී තිබෙන්නේ රටපුරා පැතිර යන ඩෙංගු මදුරු වසංගතය මැඩ පැවැත්වීමට මහජනතාව හා අදාළ අංශවලින් නිසි සහයෝගය ලබා ගැනීම සඳහා ය.

ඩෙංගු මදුරු වසංගතය මැඩලීමේ අරමුණින් ජාතික මදුරු මර්දන සතියක් ද හෙට (20) සිට 26 දක්වා ක්‍රියාත්මක කෙරේ.
මදුරු මර්දනය සම්බන්ධයෙන් දැනට පනවා ඇති නීති රීතිවල පවත්නා අඩුපාඩු සකස්කර ශක්තිමත් නීතිරීති පද්ධතියක් ඇති කැර ගැනීමට දෙපාර්තමේන්තුවට යොමුකර තිබෙන බව ද එම කටයුතු අවසන් වූ වහාම එය පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට පියවර ගන්නා බව ද සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

No comments:

Post a Comment