Wednesday, June 29, 2011

Dengue Updates: 29th June (3 news items)

බී. ටී. අයි. පුවත ගැන සෞඛ්‍ය අමාත්‍යංශය කරනු කියයි 

කෝටි 06 ක බී. ටී. අයි. ගබඩාවල පුස්‌කයි සිරස්‌තලය යටතේ "දිවයින" පුවත්පතේ ඊයේ (28 වැනිදා) පළමු ප්‍රධාන සිරස්‌තරල සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශය කරුණු පැහැදිලි කිරීමක්‌ එවා ඇත.

එය මෙසේය.

එම ප්‍රවෘත්තියේ පළව තිබෙන කරුණු සාවද්‍යය වන අතර මෙරටට ගෙන්වන ලද බී. ටී. අයි. බැක්‌ටීරියාවෙන් මේ වනවිට ඉතිරිව ඇත්තේ ලීටර් 3500 ක්‌ පමණි. ඉතිරි සියල්ල මදුරු මර්දනය සඳහා යෙදවීමට පියවර ගෙන තිබේ. ඉතිරිව තිබෙන ලීටර් 3500 ලබන වසරේ මාර්තු මාසය තෙක්‌ භාවිතා කිරීමට පිළිවන.

බී. ටී. අයි. බැක්‌ටීරියාව මදුරුවන් බෝවන සෑම තැනකටම ඉසීම අවශ්‍ය නැත. ජනතාවට පහසුවෙන් පිරිසිදු කළ හැකි මදුරුවන් බෝවිය හැකි ස්‌ථාන බහුල වන අතර එම ස්‌ථාන පිරිසිදු කිරීමත්, ජනතාවට පහසුවෙන් පිරිසිදු කිරීම ළඟ විය නොහැකි ස්‌ථාන වලට විශාල වශයෙන් මදුරුවන් බෝවිය හැකි ස්‌ථාන වලට පමණක්‌ මෙම බැක්‌ටීරියාව ඉසීමට පියවර ගෙන ඇත.

එමෙන්ම මෙම බැක්‌ටීරියාව පුස්‌ කෑම සඳහා ගබඩා කර නැති ද මෙම අමාත්‍යාංශය අවධාරණය කර සිටී. 



Source: http://www.divaina.com/2011/06/29/news22.html

මදුරු මර්දන සතිය නිසි ලෙස ක්‍රියාත්මක වී නෑ

ඒමන්ති මාරඹේ

ජුනි මස 20 වැනිදා සිට 26 වැනිදා දක්‌වා ක්‍රියාත්මක වූ ජාතික මදුරු මර්දන සතිය දිවයින පුරා ක්‍රියාත්මක කරන බවට ප්‍රකාශ කෙරුණද දිවයිනේ බොහෝ අතුරු මාර්ග හා ඇතැම් ප්‍රධාන මාර්ගවල පිහිටි නිවාස හා ආයතන ඩෙංගු මදුරුවන් බෝවන ස්‌ථාන පිරික්‌සීමේ මෙහෙයුම යටතේ පරීක්‍ෂාවට ලක්‌ව නොමැති බව වාර්තා වේ.

ඇතැම් ප්‍රදේශවල ඩෙංගු මදුරු කීටයන් බෝවිය හැකි දුම්රිය මාර්ග පවා නිසි පිරික්‌සීමට ලක්‌කර නොමැත.

ඇතැම් ප්‍රදේශවල ප්‍රධාන මාර්ග ආශ්‍රිත නිවාස හා ආයතන පරීක්‍ෂාවට ලක්‌ කරද්දී එම මාර්ගයෙහිම පවතින අතුරු මාර්ගවල එවැනි පිරික්‌සීම් සිදුව නොමැති බව වාර්තා වී තිබේ. කොළඹ හා තදාසන්න ප්‍රදේශවල මෙන්ම පිට පළාත්වල අතුරු මාර්ගවල මෙම පිරික්‌සීම් සිදුවී නොමැත. රුපියල් ලක්‍ෂ ගණන් වියදම් කරමින් ත්‍රිවිධ හමුදාව ඇතුළු නිලධාරීන් විශාල සංඛ්‍යාවකගේ සහභාගිත්වයෙන් මෙම මදුරු මර්දන සතිය ක්‍රියාත්මක වුවද මෙසේ බොහෝ මාර්ග එහිදී පිරික්‌සීමට ලක්‌ නොවීම බලවත් අඩුපාඩුවක්‌ බව සෞඛ්‍ය සේවකයෝ පෙන්වා දෙති.



Source: http://www.divaina.com/2011/06/29/news14.html


මදුරුවන් බෝවීමට ඉඩ හැරි 43 කට 107,500ක් දඩ


මදුරු කීටයන් බෝවන පරිශ්‍රයක් ඇති කිරීමේ වරදකරුවන් වූ හතළිස් තුන් (43) දෙනෙකුට නුගේගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් රෝහණ අනුර කුමාර හේරත් මහතා විසින් එකිනෙකාට රුපියල් දෙදහස් පන්සීය ( 2500/-) බැගින් ඊයේ (28) දඩ නියම කරන ලදී. මහරගම, නාවින්න, ජම්බුගස්මුල්ල පන්නිපිටිය, පැපිලියවල යන ප්‍රදේශවල පසුගියදා කරන ලද සෝදිසියකින් පසු මෙම හතළිස් තුන් දෙනා රෝග නිරෝධායන හා රෝග වැලැක්වීමේ පනත පිට අදාළ ප්‍රදේශවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිිවරුන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

අනතුරුව ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්ගේ මාර්ගයෙන් ඔවුන් වරද පිළිගත් පසු මහේස්ත්‍රාත්වරයා ඔවුනට ඉහත කී ලෙස දඩ නියම කළේය. වරදකරුවන් අතර ව්‍යාපාරික, ගුරුවරුන්, කර්මාන්තකරුන්, උසස් තනතුරු දරන්නන් සිටින බවත්, ටින් භාජන, යෝගට් කෝප්ප ගොඩනැගිලි උපකරණ වැහිපිහිලි අබලි ද්‍රව්‍ය වල මදුරු කීට බෝවීම ගැන සැලකිලිමත් නොවූ බවට ඔවුනට චෝදනා ඉදිරිපත් කර තිබිණ. සිද්ධියට අදාළ ස්ථාන පිරිසුදු කර සැප්තැම්බර් මස 14 වෙනිදා අධිකරණයට වාර්තා කරන ලෙස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට දැන්වීය.


No comments:

Post a Comment