Tuesday, June 28, 2011

Elephant numbers & forests ...

වනාන්තර සීමා වීමෙන් අලි මරණ වැඩිවෙලා
මාතලේ විශේෂ - නිමල් ගුණතිලක

ශ්‍රී ලංකාවේ වල් අලි ගහනය ඉහළ යමින් පවතින බව වන ජීවී සංරක්‍ෂණ අමාත්‍යාංශය කියයි. මීට වසර 40 ට පෙර සිටි අලි ගහනය මෙන් සියයට 140 ගුණයකින් අලි ගහනය වර්ධනය වී ඇත.

වැඩිවෙමින් පවතින වල් අලින්ගේ සංඛ්‍යාවට අනුව වනාන්තර ප්‍රමාණය වර්ධනය නොවන නිසා පවතින ජාතික වනෝද්‍යාන තුළ වල්අලින් සඳහා අවශ්‍ය පරිසරය වැඩිදියුණු කිරීමටද පියවර ගෙන ඇත.

මීට වසර 40 ට පෙර මෙරට විසූ වල් අලින්ගේ සංඛ්‍යාව 2500 ක්‌ පමණ වූ අතර මේ වනවිට වල් අලින් 6000 ක්‌ සිටින බව වන ජීවී අධ්‍යක්‍ෂ ජනරාල් චJද්‍රවංශ පතිරාජ මහතා කියා සිටී.

වල්අලින් සඳහා පවතින වනාන්තර සීමාවීමත්, අලි ගහනය වර්ධනයත් නිසා වල් අලින් සංක්‍රමණික කලාප තුළින් බැහැරවීම නිසා සිදුවන අලි මරණ ප්‍රමාණය ද ඉහළ යමින් පවතී.

ඇතැම් පුද්ගලයන් කණ්‌ඩායම් විසින් වල් අලින් වෙඩි තබා මරා දැමීම, වස දී මරා දැමීම හෝ වෙනත් විකල්ප යොදමින් ඝාතනය කිරිම්ද බහුලව වාර්තාවේ.



Source: http://www.divaina.com/2011/06/28/news17.html

No comments:

Post a Comment