Thursday, June 16, 2011

Beware of what you eat...

පුස් පලතුරු අලෙවියට තබා තිබුණැයි වරද පිළිගත් කඩ හිමියාට දඩ

අධික ලෙස පුස් වර්ධනය වූ පලතුරු අලෙවි කිරීමට ගබඩා කර තිබූ බවට අධිකරණය හමුවේ වරද පිළිගත් අනුරාධපුර ප්‍රධාන පෙළේ තරු හෝටලයකට රුපියල් 15000 ක දඩයක් ගෙවන ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා නියෝග කළේය.
දඩ නියම වූයේ අනුරාධපුර පළමුවන පියවරේ මිරිදිය හෝටලයේ කළමනාකරුවන ඩී. එච්. එල්. රාජපක්ෂ යන අයටයි.
මනුෂ්‍ය පරිභෝජනයට නොසුදුසු ආහාර කිලෝග්‍රෑම් දහසක් පමණ විනාශ කර දමන ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පොසොන් සමයේ කළ විශේෂ වැටලීමකදී මෙම පරිභෝජනයට නුසුදුසු ආහාර සොයා ගෙන ඇත.
පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක වයි. කේ. ජී. සී. යටිවැල්ල හා කලත්තෑව මහජන සෞඛ්‍ය නුවන් තරංග යන මහත්වරුන් වැටලීම සිදු කර අධිකරණය හමුවේ නඩු පැවරූහ.

No comments:

Post a Comment