Sunday, June 12, 2011

Waste management debated in parliament

කැළි කසළ ඉවත් කිරීමට නවීන උපකරණ නොමැතිවීම විශාල ගැටලුවක්‌
පා. මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා (එජනිස)



කැළි කසළ ඉවත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ අති නවීන ක්‍රමවේදයක්‌ නොමැතිකම විශාල ගැටලුවක්‌ බවට පත්ව ඇතැයි පරිසර ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඊයේ (10 දා) පාර්ලිමේන්තුවේදී පැවැසුවේය.

මන්ත්‍රී පෞද්ගලික යෝජනා විවාදයට ගත් අවස්‌ථාවේදී පරිසර ඇමැතිවරයා එසේ කීය.

වේත්‍රධාරි අනිල් පරාක්‍රම සමරසේකර මහතා විසින් සෙංකෝලය තැන්පත් කළ පසුව කතානායක චමල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (10 දා) පස්‌වරු 1.30 ට රැස්‌විණි.

නිවේදන, වාර්තා, ලිපි ලේඛන සහ පෙත්සම් ඉදිරිපත් කළ පසුව වාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් මන්ත්‍රීවරුන් අසා තිබූ ප්‍රශ්නවලට අදාළ ඇමැතිවරු පිළිතුරු දුන්හ.

මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික යෝජනා විවාදයට ගැනීම යටතේ පොලිතින්, ප්ලාස්‌ටික්‌ ආදී අපද්‍රව්‍ය ඉවත් කිරීම පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා දීප ව්‍යාප්ත වැඩසටහනක්‌ ක්‍රියාත්මක කිරිමට අදාළ යෝජනාව ඉදිරිපත් කෙරිණි. යෝජනාව ඉදිරිපත් කරමින් කොළඹ දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී (එජාප) රවි කරුණානායක මහතා මෙසේ කීය.

දිනකට ටොන් 850 ක්‌ විතර කැළි කසළ එකතු වෙනවා. ඉන් සියයට තිස්‌පහක්‌ පමණ පොලිතින්, ප්ලාස්‌ටික්‌. එනිසා තමයි අපි නිසි මග පෙන්වීම ජනතාවට කළ යුත්තේ. නීතිය මගින් පමණක්‌ මේ ප්‍රශ්නය විසඳන්න බැහැ. ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතුයි.



Read Full report: http://www.divaina.com/2011/06/11/parliment.html

No comments:

Post a Comment