Sunday, June 19, 2011

Dengue: 66 dead in last 6.5 months.

ගත වූ මාස හයට ඩෙංගු රෝගීන්  66 ක්‌ මරුට

ඒමන්ති මාරඹේ

මෙම වසරේ ගත වූ මාස 6 1/2 ක කාලය තුළදී දිවයිනෙන් ඩෙංගු රෝගීන් 7836 දෙනකු වාර්තා වී ඇති අතර එම රෝගීන්ගෙන් 66 දෙනකු මියගොස්‌ ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

මෙම රෝගීන්ගෙන් 2646 දෙනකුම වාර්තා වී ඇත්තේ කොළඹ දිස්‌ත්‍රික්‌කයෙන් වන අතර ගම්පහ දිස්‌ත්‍රික්‌කයෙන් රෝගීන් 900 ක්‌ ද, කළුතර දිස්‌ත්‍රික්‌කයෙන් රෝගීන් 499 ක්‌ හා රත්නපුරයෙන් රෝගීන් 374 දෙනකු වාර්තා වී තිබේ. ජුනි මාසයේ ගත වූ දින 16 ක කාලයේදී ඩෙංගු රෝගීන් 1042 දෙනකු හා ඩෙංගු මරණ 3 ක්‌ වාර්තා වී තිබේ.

මෙම දිනවල පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් ඩෙංගු රෝගය හිස ඔසවමින් පවතින බවත් ඩෙංගු මදුරු කීටයන් බෝවන මාධ්‍යයන් විනාශ කර තම නිවස හා ගෙවත්ත නිරතුරුව ශුද්ධ පවිත්‍ර කර ගන්නැයි වසංගත රෝග විශේෂඥයන් මහජනතාවගෙන් ඉල්ලීම් කරයි.



Source: http://www.divaina.com/2011/06/19/news03.html

No comments:

Post a Comment