This should be discussed thoroughly... In both Sinhala and English papers (Government)
No arsenic in local rice varieties - minister
The Agriculture Ministry yesterday said that locally produced rice varieties do not contain arsenic. Agriculture Minister Mahinda Yapa Abeywardena said no traces of arsenic have been found in locally produced rice varieties.
“As the minister in charge of Agriculture I can categorically state that locally produced rice varieties do not contain arsenic as alleged by certain quarters,” he said.
The minister noted that the Industrial Technology Institute (ITI) had conducted a research using 28 fertilizer categories and 60 rice varieties in several areas.
ITI has identified that there are two of the varieties of such fertilizer, a minimum quantity of arsenic is containing and they have revealed that there is no arsenic deposits in Sri Lankan rice. Those two fertilizer categories had been banned till the end of these researches, the minister said.
ITI and other institutes such as the Central Agricultural Research Institute, Sri Lanka Standards Institution had conducted this research with the participation of a large number of intellectuals.
Minister Abeywardena further said that Sri Lanka is an Asian country where fertilizer usage is at a minimum level. All the measures will be taken by the Agriculture Ministry to provide healthy food to Sri Lankans.
Agriculture Ministry Secretary K E Karunathilaka, Weedicides Registrar Dr Anura Wijesekera, Ministry’s Director General Dr Nimal Dissanayake and other officials were participated.
මෙරට හාල්වල ආසනික් නෑ
මෙරට නිෂ්පාදනය කරනු ලබන කිසිදු සහල් වර්ගයක ආසනික් නමැති රසායනික ද්‍රව්‍යය අඩංගු නොමැති බවට පරීක්ෂණවලින් හෙළිව තිබේ.
ලංකා කාර්මික තාක්ෂණ ආයතනය මඟින් සහල් නියැදි හැටක් සහ පලිබෝධ නාශක විසි අටක් පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව නිකුත් කර ඇති වාර්තාවෙන් මේ බව තහවුරු වී ඇතැයි කෘෂිකර්ම ඇමැති මහින්ද යාපා අබේවර්ධන මහතා පැවැසීය. මේ පරීක්ෂණය සිදුකිරීම සඳහා ඉහළ තාක්ෂණයන් යටතේ නවීන විද්‍යාගාර පහසුකම් යොදා ගනිමින් විශේෂඥයන් පිරිසක් සහභාගී වූ බවද හෙතෙම කීවේය.
මේ සම්බන්ධව සිය අමාත්‍යාංශය කිසිදු මොහොතක නිහඬව නොසිටි බවත්,ඒ සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමෙන් අනතුරුව කතා කිරීම තමන්ගේ ක්‍රමය බවද කෘෂිකර්ම ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
අනවශ්‍ය දේශපාලන සංදර්ශන ප්රචාරයන්ට යෑම හෝ කැපී පෙනීමට තමන්ට අවශ්‍ය නැතැයිද යාපා මහතා සඳහන් කළේය.
කෘෂිකර්ම අමත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ ඊයේ(13)පැවැති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා එසේ ප්‍රකාශ කළේය.
කෘෂිකර්ම ඇමැතිවරයා සේම තමන් මෙරට පුරවැසියකු බව පැවැසු ඒ මහතා මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළ සෑම කරුණක් සම්බන්ධවම වගකීම බාර ගන්නා බවද සඳහන් කළේය.
අද්භූත බලවේග ගැන නොව විශ්වාස කළ යුත්තේ නවීන තාක්ෂණයන් යටතේ විද්‍යාගාරවල පරීක්ෂණයන්ගෙන් ලැබුණු නිගමන බවද ඒ මහතා කීවේය.
මාධ්‍යවේදියකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලබාදුන් ඇමැතිවරයා කියා සිටියේ රේගුවේ කටයුතුවලට තම අමාත්‍යාංශයට ඇඟිලි ගැසීමට නොහැකි බවත්,එම ආයතනයෙන් ඉල්ලීමක් කළහොත් පරීක්ෂා කිරීම් කළ හැකි බවයි.
ආසනික් තිබෙන බවට පවසන කණ්ඩායම සමඟ වුවද මේ සම්බන්ධව යළිත් පරීක්ෂණ පැවැත්වීමට කටයුතු කළ හැකි බවද කෘෂිකර්ම ඇමැතිවරයා කීවේය.
මේ අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් කේ.ඊ කරුණාතිලක,කෘෂිකර්ම අධ්‍යක්ෂක ජනරාල් කමල් මාන්කොට්ටෙ,පලිබෝධ නාශක රේජිස්ටාර් ආචාර්ය අනුර ෂ;ජ්සේකර,ආචාර්ය නිමල් දිසානායක,ආචාර්ය මෙත්තිකා විතානගේ මහත්ම මහත්මිහු ඇතුළු නිලධාරිහු රැසක් සහභාගී වී සිටියහ.
No comments:
Post a Comment