Tuesday, June 28, 2011

Dengue Updates - 28th June (2 items)

මදුරු මර්දනයට එරෙහි නිලධාරී මාෆියාවක්‌ - කියුබා බීටීඅයි බැක්‌ටීරියා ලීටර් 15,000 ක්‌ ගබඩාවල

නෝමන් පලිහවඩන

ඩෙංගු මදුරු උවදුර රටපුරා ශීඝ්‍රයෙන් පැතිර යද්දී කියුබාවෙන් ගෙන්වනු ලැබූ බීටීඅයි බැක්‌ටීරියා ලීටර් පහළොස්‌දහසක්‌ පමණ ප්‍රමාණයක්‌ ප්‍රයෝජනයට නොගෙන ගබඩා කර තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්‌ "දිවයින"ට පැවැසීය. මෙම බැක්‌ටීරියාව ප්‍රයෝජනයට නොගෙන මෙසේ ගබඩා කර තිබීම පිළිබඳව අප නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් එම නිලධාරියා කියා සිටියේ රටේ ජනතාව මෙම බැක්‌ටීරියාව පිළිබඳ පමණක්‌ විශ්වාසය තබාගෙන සිටීම නිසා ඔවුන් පරිසරය පිළිබඳ හරි හැටි සැලකිලිමත් නොවන බවය.

කියුබාවෙන් මෙම බී.ටී.අයි. බැක්‌ටීරියාව ගෙන්වනු ලැබුවේ මදුරු වසංගතය විනාශ කිරීමේ අරමුණ ඇතිව බවද කීය. මේ අනුව පෞද්ගලිකව කවුරු හෝ මෙම බී.ටී.අයි. බැක්‌ටීරියාව ගෙන්වනු ලැබුවේ නම් එම බැක්‌ටීරියාව ගෙන්වූ පුද්ගලයන්ටද ජනතාව පරිසරයට හුරුකර ගැනීම සඳහා ගබඩාකර තිබිය යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි.

එහෙත් බී.ටී.අයි. බැක්‌ටීරියාව පිළිබඳ සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා දැඩි උනන්දුවකින් සහ වගකීමකින් යුතුව ක්‍රියාකරයි.

ඇමැතිවරයාගේ උපදෙස්‌ මත රටේ මුළුමහත් ජනතාව ඩෙංගු මදුරු උවදුරෙන් බේරිම සඳහා දිනපතාම පොලිසියේ සහාය ඇතිව ඩෙංගු මර්දන වැඩපිළිවෙළ එක දිගටම ක්‍රියාත්මක කරගෙන යයි.

බී.ටී.අයි. බැක්‌ටීරියාවෙන් මදුරු උවදුරු විනාශ කිරීමට එරෙහිව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් කිහිපදෙනකු මාµsයාවක නිරත වන බව අමාත්‍යාංශයේ විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.



Source: http://www.divaina.com/2011/06/28/news03.html


ඩෙංගු මදුරුවන් බෝවීමට ඉඩ හැරි 10කට දඩ


ඩෙංගු මදුරුවන්ගේ තෝතැන්නක් බවට පත්කරමින් තම ව්‍යාපාරික ස්ථාන අපිරිසිදුවට පවත්වා ගෙන ගිය පුද්ගලයින් 10 දෙනකුට එක් අයකුට රුපියල් 2500 බැගින් රුපියල් 25000/-ක දඩයක් කුරුණෑගල අතිරේක මහෙස්ත්‍රාත් ආර්. රණසිංහ මහතා විසින් ඊයේ නියම කරන ලදී.
එකී දඩ මුදලට අමතරව එක් අයකුට රුපියල් ලක්‍ෂය බැගින් ශරීර ඇපද නියම කරන ලදී.
ඩෙංගු රෝගය මර්දනය කිරීමේ ඒකකයේ වෛද්‍ය අශෝක පුෂ්පකුමාර මහතාගේ අධික්‍ෂණය යටතේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂක නිශාන්ත ජයවීර, ඩබ්. එස්. එච්. බී. වීරසේකර, බී. එස්. එස්. බී. හේරත් සහ ඩබ්ලිව්. ගුණතිලක යන මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් විසින් වල්පොලකන්ද, තිත්තවැල්ල යග්ගපිටිය සහ කුඩාගල්ගමුව යන ප්‍රදේශවලදී මෙම වැටලීම් සිදු කොට ඇත.

No comments:

Post a Comment