Saturday, June 18, 2011

A leopard killed at Giritale

ගිරිතලේ රක්‍ෂිතයේ දැවැන්ත දිවියකු මැරූ 2ක් කොටුවෙති

මින්නේරිය ගිරිතලේ ස්වාභාවික රක්ෂිතයේ සිටි දැවැන්ත දිවියකු මැරූ පුද්ගලයන් දෙදෙනකු මිය ගිය දිවියාද සමඟ පසුගිය 16 දා වනජීවි නිලධාරීන් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.මෙසේ වෙඩි තබා ඝාතනය කැර ඇත්තේ දිග අඩි හතක් වූ අවුරුදු 15ක් පමණ වයසැති රක්ෂිතයේ දී මෙතෙක් හමුවු දැවැන්තම දිවියා බව වනජීවී නිලධාරීහු කියති. මෙම දිවියා රුපියල් ලක්ෂ දෙකක පමණ මුදලකට අලෙවි කිරීමට සූදානමින් සිටි බව සැකකරුවන් ප්‍රකාශ කැර තිබේ.
සීගිරිය වනජීවි කාර්යාලයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත සීගිරිය, පේක්කුලම, මින්නේරිය වනජීවි කාර්යාලවල නිලධාරීන් විසින් වැටලීමක් කැර සැකකරුවන් දෙදෙනකු බඳින තුවක්කුවක්ද සමඟ අත්අඩංගුවට ගෙන තිබේ. තවත් සැකකරුවන් සිව් දෙනකු හා ගිනි අවි අත්අඩංගුවට ගැනීමට නියමිත බව මින්නේරිය ජාතික උද්‍යාන භාරකාර ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා පැවසීය. සැකකරුවන් දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.

1 comment:

  1. Unfortunately, these animals can't even live within sanctuaries! This questions conservation ...

    ReplyDelete