The Problem is everywhere...
අහිතකර ආහාර විකිණූ වෙළෙඳසල් හිමියන් පහකට දඩ
කාත්තංකුඩිය - සිහාරා ලතීෆ්
මඩකලපුව නගරයේ නීති විරොධී ලෙස මහජනයාගේ පරිභෝජනයට නුසුදුසු ආහාර වර්ග විකිණීමට උත්සාහ කළ වෙළෙඳසල් හිමිකරුවන් පස්‌දෙනකුට මඩකලපුව මහෙස්‌ත්‍රාත් උසාවිය මඟින් දඩ නියම කරන ලදී.
මඩකලපුව මූලස්‌ථාන පොලිසියේ පාරිසරික ඒකකයේ පොලිස් නිලධාරීන් හා මඩකලපුව මහනගර සභා පොදු සෞඛ්‍ය පරීක්‍ෂක කණ්‌ඩායම් එකතුවී කරන ලද වැටලීමෙන් පරිභෝජනයට නුසුදුසු ආහාර තබාගත් වෙළෙඳ ස්‌ථාන පහක් සොයාගැනීමට හැකිවී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු මඩකලපුව දිස්‌ත්‍රික් මාධ්‍ය ඒකකය පවසයි.
මෙම වැටලීමෙන් පරිභෝජනයට නුසුදුසු අලෙවිකිරීමට සූදානම් කර තිබූ කල් ඉකුත්ව ගිය බිස්‌කට් වර්ග, සිසිල් බීම, පාන්පිටි ආශ්‍රිතව නිෂ්පාදිත හෝටල් ආහාර වර්ග, කුකුළු මස් ඇතුළු ද්‍රව්‍යයන් කිහිපයක් මෙම වැටලීම් කණ්‌ඩායම විසින් සොයාගෙන ඇත.
මෙලෙස නීති විරෝධී ආකාරයෙන් ක්‍රියාකළ ආපනශාලා හා වෙළෙඳසල් හිමියන් පස්‌දෙනා මඩකලපුව මහෙස්‌ත්‍රාත් උසාවියේ විනිසුරු එන්. එම්. එම්. අබ්දුල්ලා මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන්ට රුපියල් අටදහස බැගින් දඩ නියම කර ඇතැයි වැඩිදුරටත් සඳහන් වේ.
මෙම විශේෂ වැටලීම මඩකලපුව මූලස්‌ථාන පොලිසියේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක රංජිත් වනරාජා මහතාගේ උපදෙස් මත පාරිසරික ඒකකය භාර නිලධාරී පොලිස් පරීක්‍ෂක ඡේ. එම්. ජයසුන්දර මහතාගේ අධීක්‍ෂණයෙන් සිදුකරයි.
Source: http://www.divaina.com/2011/06/09/news21.html
No comments:
Post a Comment