Saturday, June 25, 2011

Food in Colombo

කොළඹ හෝටල-ආපනශාලා කිහිපයක ආහාරවල ඊකොලයි විෂබීජ

කොළඹ නගරයේ හෝටල් හා ආපනශාලා කිහිපයක ඊකොලයි විෂබීජ සහිත ආහාර වර්ග කීපයක් හඳුනාගැනීමට කොළඹ මහා නගර සභාවේ ආහාර පරීක්ෂකවරුන්ට හැකි වී තිබේ.  පසුගිය දිනවල සිදු කළ ආහාර වැටලීම්වලදී මෙම අපිරිසුදු ආහාර හඳුනාගෙන ඇති අතර, පොල් සම්බෝල, පොල් රොටී, කිරි මාළු හා බිත්තර මාළු පාන් වැනි විකිණීමට තිබූ ආහාරවල මේ විෂබීජ අඩංගු වී ඇතැයි කොළඹ මහා නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී දොස්තර ප්‍රදීප් කාරියවසම් මහතා කීය. අසූචි මිශ්‍ර වීමෙන් මෙම ඊකොලයි විෂබීජය ඇතුළු වී ඇති බවත් මහතා කීය. මේ මාසයේදී පමණක් නඩු දැමූ කඩහිමියන් 26 දෙනෙකුට එරෙහිව රුපියල් 46000 දඩ මුදලක් නියම කිරීමට උසාවිය පියවර ගෙන ඇති බව කොළඹ මහා නගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. අතර උසාවියට පෙනී නොසිටි හෝටල් හිමියන් දෙදෙනකුට එරෙහිව විවෘත වරෙන්තු නිකුත් කිරීමට උසාවිය පියවර ගෙන තිබේ.
දැනට සිදු කළ වැටලීම්වලදී මරදාන දුම්රියපළ ආපන ශාලාවේ අපිරිසුදු ආහාර තිබූ බවට ආහාර පරීක්ෂකවරුන් හඳුනාගෙන ඇත. මීට අමතරව පංචිකාවත්ත ප්‍රදේශයේ හෝටලයක මැරුණු හූනෙක් සහිත කොත්තු රොටියක් තිබී ඇත. පිටකොටුව මැනිං වෙළෙඳපොළේ විකිණීමට තිබූ මිරිස් කුඩුවලට සියයට 20ක් හා කහ කුඩුවලට සියයට 40ක් පිටි මිශ්‍ර කර අනුමත නොකළ වර්ණක යොදා තිබූ බවත්, ඇතැම් සහල් සඳහා වර්ණක යොදා තිබූ බවත් මෙහිදී හඳුනාගෙන තිබේ.

Source: http://www.dinamina.lk/2011/06/22/_art.asp?fn=n1106229

No comments:

Post a Comment