Wednesday, June 29, 2011

Metal quarry damages houses - Koratota

කොරතොට ගල්කොරියකින් නිවාස 20කට හානි සිදුවෙලා

අසල්වැසි දරුවන්ටත් තුවාල

කඩුවෙල කොරතොට දේවාලය අසළ කලක පටන් පවත්වාගෙන යන කළුගල් කොරියෙන් ගල් කැබිලි විසිවී ඊයේ (27) සවස කොරතොට නිවාස 20කට පමණ අලාභ හානි සිදුවී ඇති අතර කුඩා දරුවන් කිහිප දෙනෙකුද තුවාල ලබා ඇත.මීට පෙර අවස්ථාවන් කිහිපයකදීම කළුගල් බෝර වැදීම නිසා ප්‍රදේශවාසීන් අපහසුතාවට පත්ව ඇති බවත්, කොරතොට රජමහා විහාරයටද හානි සිදුවූ බවත් ප්‍රදේශවාසීහු පවසති.

දූවිලි සහ ගල්කුඩු ශරීර ගත වීමෙන් ලෙඩ රෝගවලට ගොදුරුවීම හා ජීවිත හා දේපළ හානි සිදුවීම වලක්වන ලෙස ඉල්ලා ප්‍රදේශවාසීන් විසින් නවගමුව පොලිසිය වෙත පැමිණිලිකර ඇත. සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ නවගමුව පොලිසිය විසින් මෙහෙයවති.

No comments:

Post a Comment