Tuesday, June 14, 2011

Teak transport, latest tactic?

මාළු ප්‍රවාහනය කරන මුවාවෙන් ඩීෆිසරය සහිත ලොරියක තේක්‌ක කොටන් 38 ක්‌ ඇදලා
සැකකරු 20 දා දක්‌වා රිමාන්ඩ්
කන්තලේ - ඩබ්. ඇම්. වික්‍රමසිංහ

මුහුදු මාළු ප්‍රවාහනය කරන මුවාවෙන් කැන්ටර් වර්ගයේ ඩීµS්‍රසරයක්‌ සහිත ලොරියක රුපියල් ලක්‌ෂ 5 1/2 කට ආසන්න වටිනාකමකින් යුතු තේaක්‌ක කොටන් 38 ක්‌ ත්‍රිකුණාමලයේ සිට කොළඹට ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පැමිණ වූ පුද්ගලයකු ලබන 20 දා දක්‌වා රක්‌ෂිත බන්ධනාගාරග තකරන ලෙස කන්තලේ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් හා දිසා විනිසුරු කෝසල සේනාධීර මහතා ඊයේ (13 දා) නියෝග කළේය.

මෙලෙස රක්‌ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ ත්‍රිකුණාමලය නගරයේ පදිංචි මාළු ව්‍යාපාරිකයෙකි.

ත්‍රිකුණාමලයේ සිට මාළු ගෙනයැමට යොදාගන්නා µS්‍රසරයක්‌ සහති 48-4329 දරන කැන්ටර් රථයේ තේක්‌ක මීටර් 2, 2 1/2 පමණ දිග කඳන් 38 ක්‌ පටවාගෙන කොළඹ බලා ධාවනය කරමින් සිටියදී ඊයේ උදේ ත්‍රිකුණාමලය කොළඹ ප්‍රධාන මාර්ගයේ තඹලගමුව ප්‍රදේශයේදී ත්‍රිකුණාමලය වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වන අඩවි වන නිලධාරී එල්. පී. කුරේ, බීට්‌ටු වන නිලධාරී ෙ-. පී. ඒ. එන්. ඩී. සම්පත් ජයවීර යන මහත්වරුන් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවා තිබිණි.

මීට සම්බන්ධ තවත් විශේෂ පුද්ගලයන් කිහිපදෙනකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව වන සංරක්‌ෂණ නිලධාරීහු අධිකරණයට දන්වා සිටියහ.



Source: http://www.divaina.com/2011/06/14/news03.html

No comments:

Post a Comment