Saturday, June 18, 2011

Uma Oya Project to be completed in 2015

"උමා ඔය ව්‍යාපෘතිය 2015 දී නිම කරනවා" 
- ඇමැති නිමල් සිරිපාල 


අජිත් අලහකෝන්

උමා ඔය බහුකාර්යය ව්‍යාපෘතිය 2015 වසරේ නිමා කරන බව වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා "දිවයින"ට ප්‍රකාශ කළේය. මෙම ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 529 ක්‌ වැය කරන බවද ඉන් ඩොලර් මිලියන
450 ක්‌ ඉරාණ රජයෙන් සහන මුදලක්‌ ලෙස ලබාගෙන ඇතැයිද කී ඇමැතිවරයා උමා ඔය ව්‍යාපෘතිය මගින් වසරකට විදුලි ඒකක මිලියන 230 ක්‌ ජාතික ජල විදුලි පද්ධතියට එක්‌ කිරීමට හැකිවන බවද කීය.

මේ සඳහා උමා ඔය හරස්‌ කරමින් වැලිමඩ පුහුල්හෙල ජලාශයද, හාලිඇළ ඩයබරා ජලාශයද ඉදිකර කිලෝ මීටර් 15 1/2 ක්‌ දිග උමගක්‌ ඔස්‌සේ කිරිඳිඔයට ගෙන එන ජලය මගින් විදුලිය ජනනය කිරීමට ටර්බයින් සවිකරන බවද ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසුවේය.

උමා ඔය ව්‍යාපෘතිය මගින් බදුල්ල, මොණරාගල සහ හම්බන්තොට දිස්‌ත්‍රික්‌කවල අලුතින් කුඹුරු අක්‌කර 2500 ක්‌ අස්‌වැද්දීමට වාරිජලය ලැබෙන බවද ජලාශයට යටවන ප්‍රදේශවල පවුල් 406 ක්‌ සඳහා ඉඩම් ලබාදීමට පියවර ගෙන ඇතැයිද ඇමැතිවරයා කීය.



Source: http://www.divaina.com/2011/06/18/news08.html

No comments:

Post a Comment