Saturday, June 25, 2011

Insurance for wildlife victims

වල් අලි හානි වෙනුවෙන් නව රක්ෂණ වන්දි ක්රමයක්


අනුර බාලසූරිය 

වල් අලින්ගෙන් වගාවන්ට හා මිනිසුන්ට වන හානි වෙනුවෙන් නව රක්ෂණ වන්දි ක්රමයක්හඳුන්වා දීමට ගොවිජන සේවා හා වනජීවී අමාත්යාංශය කටයුතු කරගෙන යයි. 

ගොවිජන සේවා හා වනජීවී ඇමැති එස්‌. එම්. චන්ද්රසේන මහතාගේ උපදෙස්පරිදි කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මගින් මෙම රක්ෂණ ක්රමය හඳුන්වා දෙනු ඇත. 

වල් අලින්ගෙන් හානි සිදුවන ප්රදේශ මේ වනවිට හඳුනාගෙන ඇති බවත්, එම ප්රදේශවල ජනතාව දැනුවත් කර මෙම රක්ෂණ ක්රමය ඉතා ළඟදීම ක්රියාත්මක කරන බවත් කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපතිනී නීතිඥ සුමනා ආරියදාස මහත්මිය සඳහන් කළාය. වල් අලින්ගෙන් මිනිස්ජීවිතවලට සිදුවන හානි වෙනුවෙන් වනජීවී දෙපාර්තමේන්තුව ගෙවන වන්දි මුදලට අමතරව මෙම රක්ෂණ ක්රමය ක්රියාත්මක වේ. 

මෙම ප්රදේශවල ජීවත්වන ගොවිජනතාවට වැඩිබරක්නොවන අයුරින් මෙම රක්ෂණ ක්රමය ක්රියාත්මක කෙරෙනු ඇත.

Source: http://www.divaina.com/2011/06/23/news16.html

No comments:

Post a Comment