Thursday, June 16, 2011

Arsenic issue - legal action against companies?

ආසනික්‌ සහිත කෘෂි රසායන ගෙන්වන සමාගම්වලට නඩු පවරනවා අතුරලියේ රතන හිමි 


අජිත් අලහකෝන් 


ආසනික්‌ සහිත කෘෂි රසායන ද්‍රව්‍ය මෙරටට ආනයනය කරන විදේශීය සමාගම්වලට එරෙහිව ජාත්‍යන්තර අධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ "දිවයින" ට ප්‍රකාශ කළහ.

එමෙන්ම මෙම කෘෂි රසායන ද්‍රව්‍ය ගෙන්වන දේශීය සමාගම්වලට එරෙහිවද මෙරට අධිකරණය හමුවේ නඩු පවරන බවත් රතන හිමියෝ වැඩිදුරටත් පැවැසූහ.

ජාත්‍යන්තර අධිකරණය හමුවේ සහ මෙරට අධිකරණය හමුවේ අදාළ සමාගම්වලට එරෙහිව නඩු පැවරීම සඳහා අවශ්‍ය කරුණු අධ්‍යයනය කරමින් සිටින්නේ යෑයිද දැනට මේ පිළිබඳ කෙරෙන පරීක්‍ෂණ නිමා වූ පසු නීතිමය පියවර ගන්නා බවද රතන හිමියෝ ප්‍රකාශ කළහ.

මේ සම්බන්ධව ඕනෑම කෙනකුට නඩු පැවරීමේ අයිතිය තිබෙන බවද කී උන්වහන්සේ ඒ සඳහා අවශ්‍ය මඟපෙන්වීම ලබාදීමට සූදානම් බවද කීහ.


Source: http://www.divaina.com/2011/06/16/news08.html

No comments:

Post a Comment