Saturday, June 25, 2011

13000 million from ADB to power and energy development

ශ්‍රී ලංකාවේ බලශක්ති සංවර්ධනයට රුපියල් දස ලක්ෂ 13,000ක්

ශ්‍රී ලංකාවේ බලශක්ති සංවර්ධනය සඳහා රුපියල් මිලියන 13000 මුදලක් ශ්‍රී ලංකාවට ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුව කැමැත්ත පළ කර ඇත. ඊට අදාළ ගිවිසුම සඳහා අස්සන් කිරීම මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශයේ දී සිදු කෙරුණු අතර මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා සහ ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට නේවාසික නියෝජිත කාර්යාලයේ කැන්ඩිස් මැක්ඩිගන් මහත්මිය සදහා අස්සන් කළහ.
ලබන 2012 වර්ෂය වන විට ශ්‍රී ලංකාවේ සෑම නිවෙසකටම විදුලිය ලබා දීමේ රජයේ ඉලක්කයට සමඟාමීව මේ යටතේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බව මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය කියයි.
මේ ව්‍යාපෘතිය සදහා සමස්ත පිරිවැය රුපියල් මිලියන 17653 ක් වන අතර සඳහා ශ්‍රී ලංකා රජයේ දායකත්වය රුපියල් මිලියන 4553 ක් වේ.
අම්පාර දිස්ත්‍රික්කයේ දුෂ්කර ගම්මාන 113 නිවාස 12190ක් සඳහා විදුලිය සැපයීම වෙනුවෙන් ග්‍රාමීය විදුලිබල යෝජනා ක්‍රම 486ක් ක්‍රියාත්මක කිරීම ගාල්ල පොළොන්නරුව වවුනියාව හා මොණරාගල ප්‍රදේශවල විදුලි උප පොළ ඉදිකිරීම මේ යටතේ සිදු කෙරේ. ඊට අමතරව නව සම්ප්‍රේෂණ රැහැන් පද්ධති ඉදි කිරීම, දැනට පවතින සම්ප්‍රේෂණ රැහැන් සඳහා දෙවැනි පරිපථයක් සම්බන්ධ කිරීම, විදුලිය බෙදා හැරීමේ පද්ධති ශක්තිමත් කිරීම, කුඩා බලාගාර අලුත්වැඩියා කිරීම ආදිය මේ යටතේ ක්‍රියාවට නංවයි.


Source : http://www.dinamina.lk/2011/06/21/_art.asp?fn=n1106216

No comments:

Post a Comment