රස බල බලා කෑවද ආසනික් වස!
ගොවියාගේ හිතමිතුරන් කුඹුරට වඩිද්දී ඒ අනුහසින් අකලට පිම්බී සරුවට වැඩුණු අවජාතක ගොයම නෙලා ගත නොහැකිව අපේ ශූර ගොවියෝ වකුගඩු අහිමි වී රෝහල් ඇඳන් මත අවසන් ගමන් යැමේ රහස දැන් හෙළි වී තිබේ.
මේ හෙළිදරව්ව සිදුව ඇත්තේද නිකම්ම නොව අනාදිමත් කලක සිට තුන්වේලට බත් බුදින්නට හුරු පුරුදුව සිටි සමස්‌ත හෙළයන්ගේම ඇඟේ මවිල්ද කෙලින් කරමිනි.
අනේ.., බලධාරින්, නිලධාරින්, වගකිවයුත්තන් කුට්‌ටිවලට හේත්තු වී පිංගුත්තරයන් සේ නිදිවදිද්දී මේ පිං බිමට වෙන විපතක තරම... මාර වේෂය සඟවාගෙන බහුජාතික ලේබලය යටතේ මේ බිමට වැද සිටින අමනයෝ අප වනසන හැටි... මේ සිදුවෙමින් තිබෙන්නේ කුමක්‌ද?
කලක් අප වසවර්ති මාරයා සේ මේ රට වැනසූ ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදයේ ශාපයෙන් විඳෙව්වෙමු. එහෙත් ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදයෙන් අප එසේ විඳවද්දීත් අපටම හොරා රහසේ අප වැනසූ ප්‍රභාකරන්ටද එහා ගිය මහා ත්‍රස්‌තවාදයක තතු දැන් කරළියට පැමිණි තිබේ.
අප මෙතෙක් නොදැන සිටි ඒ ත්‍රස්‌තවාදය කුමක්‌ද? එය අපි "කෘෂි රසායන" ත්‍රස්‌තවාදය ලෙස හඳුන්වමු.
Read full article: http://www.divaina.com/2011/06/12/feature14.html
No comments:
Post a Comment