Tuesday, June 28, 2011

Hotels, Hotels, Hotels ...

පාසිකුඩා සංචාරක කලාපයේ නව හෝටල 10ක් ජනවාරි 1දා ජනතාවට


පාසිකුඩා සංචාරක කලාපයේ ඉදිවෙමින් පවතින නවතම සංචාරක හෝටල් 10ක් ජනවාරි මස 1වැනිදා ජනතාව වෙත විවෘත කිරීමට නියමිතය.
මේ අනුව නවතම හෝටල් කාමර 661ක් මෙරට සංචාරක ක්ෂේත්‍රයට අලුතින් එකතු වන අතර ඒ සඳහා රුපියල් මිලියන 5000කට ආසන්න මුදලක් හෝටල් හිමියන් ආයෝජනය කරනු ලැබ ඇත. මීට අමතරව කඩිනමින් සංවර්ධනය වෙමින් පවතින පාසිකුඩා සංචාරක කලාපයේ 2012 අවසන් වන විට තවත් නවතම සංචාරක හෝටල 4ක් ඉදිවන බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවැසීය. පාසිකුඩා මාළු මාළු හෝටලයේදී ආයෝජකයන් සමග පැවැති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ඇමැතිවරයා ඊයේ (27) එසේ ප්‍රකාශ කළේය.
මෙම පාසිකුඩා සංචාරක කලාපය සඳහා ඉඩම් අක්කර 156ක් රජය විසින් ලබාදී ඇති බවත් මින් අක්කර 100ක මෙම හොටෙල් 14 ඉදිවන බවත් හෙතෙම සඳහන් කළේය.
ඉතිරි අක්කර 56 තුළ රථ ගාලක්, වෙළෙඳ සංකීර්ණයක්, වැසිකිළි පද්ධතියක්, හෙලිකොප්ටර් අංගණයක් ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට සැළසුම් සකස් කර ඇති බව ඒ මහතා කීවේය. මෙම සංචාරක කලාපය ඉදිවීමත් සමග ඍජු හා වක්‍ර රැකියා අවස්ථා 20000ක් පමණ නිර්මාණය වන අතර ඒ මගින් ප්‍රදේශයේ ජනතාවගේ ජීවන මට්ටම ඉහළ නැංවීමට අවස්ථාව උදාවන බව ද ඇමැතිවරයා අවධාරණය කළේය.
මේ අවස්ථාවට නැගෙනහිර පළාත් ප්‍රධාන ඇමැති ශිවනේශන්තුරේයි චන්ද්‍රකාන්ත් මහතා ඇතුළු නිලධාරීහු රැසක් සහභාගි වී සිටියහ.

No comments:

Post a Comment