Saturday, June 25, 2011

Electronic Waste collected ...

එක්දිනක්තුළ ඉලෙක්ට්රොනික අපද්රව් ටොන් 4.5 ක්හෙන්රි පේද්රිස්ක්රීඩාංගණයට

ඉලෙක්ට්රොනික අපද්රව්යවලින් තොර පරිසරයක්සුරක්ෂිත කිරීම සඳහා මධ්යම පරිසර අධිකාරිය තවත් ආයතන 14 ක්සමග සම්බන්ධ වීමෙන් ජාතික ඉලෙක්ට්රොනික අපද්රව් කළමනාකරණ වැඩසටහන පසුගිය වසරේ නොවැම්බර් මස ආරම්භ කරන ලදී. පරිගණක යන්ත්, ජංගම දුරකථන, ගණක යන්ත්, ශ්රව් දෘෂ් උපකරණ, ප්රින්ටර්, ස්කෑනර් සහ µeක්ස්යන්ත්, වායු සමීකරණ මෙන්ම සියලුම ගෘහ විදුලි උපකරණ භාවිතයෙන් පසු ඉලෙක්ට්රොනික අපද්රව් ලෙස පරිසරයට මුදා හරිනු ලබන අතර එමගින් පරිසරයට ඇතිකරනු ලබන බලපෑම අතිවිශාලය. මෙමගින් සිදුවන පාරිසරික හානිය අවම කර නිසි කළමනාකරණයකට ලක්කිරීම මෙම ව්යාපෘතියේ අරමුණ වේ.

මෙම වැඩසටහනෙහි තවත් එක්ඉදිරි පියවරක්ලෙස මධ්යම පරිසර අධිකාරිය ලෝක පරිසර දිනයට සමගාවීව සංවිධානය කරන ලදී. ඉලෙක්ට්රොනික අපද්රව් එක්රැස්කිරීමේ වැඩසටහනක්පසුගියදා හෙන්රි පේද්රිස්ක්රීඩාංගණයේදී පැවැත්විණි. හෙන්රි ප්රේද්රිස්ක්රීඩාංගණය වෙත පැය කිහිපයක්තුළ එකතුවූ ඉලෙක්ට්රොනික අපද්රව් අතර පරිගණක තර පරිගණක දෘඪාංග කොටස්‌, සංයුක් තැටි, කාට්රිඡ් සහ අනෙකුත් විදුලි උපකරණ ටොන් 4.5 ක්පමණ විය. එක්දිනක්තුළ මෙපමණ විශාල ඉලෙක්ට්රොනික අපද්රව් ප්රමාණයක්එකතු වීම තුළ ඉන් පරිසරයට ඇති විය හැකි බලපෑම පිළිබඳව පූර්ව තක්සේරුවකට එළඹිය හැකිය. මෙහිදී යුනියන් ඇෂුවරන්ස්සමාගම ටොන් 1.5 පමණ ඉලෙක්ට්රොනික අපද්‍රව් ප්රමාණයක්භාරදීම කැපී පෙනුණි.

මධ්යම පරිසර අධිකාරිය සමග විවිධ ක්ෂේත් නියෝජනය කරමින් ආයතන ගණනාවක්මෙම වැඩසටහන සමග සම්බන්ධවී ඇත. ඉලෙක්ට්රොනික මෙවලම් විකිණීමේ සහ එකලස්කිරීමේ නිරතවී සිටින ආයතන අතුරින් ශ්රී ලංකා ටෙලිකොම්, මොබිටෙල්, ඩයලොග්, එටිසලාට්‌, හච්, ලංකාබෙල් විදුලි සංදේශ ක්ෂේත්රය නියෝජනය කරමින්ද, සිංගර් සහ අබාන්ස්ගෘහ විදුලි උපකරණ ක්ෂේත්රය නියෝජනය කරමින්ද, මෙට්රොපොලිටන්, .විස්‌, වර්චුසා, . බී. සී. වෙළෙඳ සහ ආයෝජන සමාගම කාර්යාල උපකරණ ක්ෂේත්රය නියෝජනය කරමින් , පියෝ සයිකල් සහ ග්රීන් ලින්ක්ආයතන අපද්රව් තොග අපනයනය කිරීමේ ක්ෂේත්රයෙන්ද මෙම වැඩසටහන හා සම්බන්ධ වී ඇත.

ඔබගේ කාර්යාලයේ, නිවසේ ඇති ඉලෙක්ට්රොනික අපද්රව් ළඟම සිංගර් ආයතනයට භාරදීම මගින් ඔබටත් මෙම වැඩසටහන සමඟ සම්බන්ධ වීමට හැකිය. ඉලෙක්ට්රොනික අපද්රව් එකතු කරන මධ්යස්ථාන පිළිබඳව වැඩිදුර විස්තර 1919 අංකයට අමතා ලබාගත හැකිය.
Source: http://www.divaina.com/2011/06/21/news16.html

No comments:

Post a Comment