Saturday, June 25, 2011

Arsenic in rice: Proper investigations needed

පළිබෝධනාශකවල ආසනික්අඩංගු බවට අනාවරණය කළ රේගු පරීක්ෂණ යට ගහන්න එපා!

පියසිරි විඡේනායක 

ශ්රී ලංකා රේගු දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් පළිබෝධනාශක අඩංගු කන්ටේනර් 10 අදාළව සිදුකළ පරීක්ෂණවලදී එහි තිබූ පළිබෝධනාශක වර්ග 50 කට අධික ප්රමාණයක ආසනික නමැති විෂ රසායනිකය අඩංගුව තිබූ බව අනාවරණය වී ඇති මේ මොහොතේදී එම පරීක්ෂණ යට ගසා ජනතාව නොමග යෑවීමට ගන්නා විවිධ උත්සාහයන් පැරදවීමට ගත හැකි සියලු පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ජාතික නිදහස්පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, හිටපු අමාත් පියසිරි විෙ-නායක මහතා පවසයි.

මහතා මේ බව පැවසුවේ බත්තරමුල්ල පිහිටි ජාතික නිදහස්පෙරමුණු ප්රධාන කාර්යාලයේදී පැවැති විශේෂ මාධ් හමුවකදීය.

එහිදී අදහස්දැක්වූ පියසිරි විෙ-නායක මහතා මෙසේද පැවැසීය.

දේශප්රේමී රේගු නිලධාරීන් වගේම දේශප්රේමී විද්යාඥයන් මේ පළිබෝධනාශකවල අඩංගු උග් විෂ රසායනික ගැන අනාවරණය කිරීමට දිවි පරදුවට තබා කටයුතු කළා. ඔවුන්ට අද බහුජාතික සමාගම් ඇතුළු අපේ මව්බිමට හතුරු පිරිස්වලින් මරණීය තර්ජන එල්ලවී තිබෙනවා. දේශප්රේaමීන්ගේ ජීවිතාරක්ෂාව සම්බන්ධයෙන් මැදිහත් වන ලෙසද අපි ජනපතිතුමන් වෙතින් ඉල්ලා සිටිනවා.

රේගු පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ පළිබෝධනාශක වර්ග ගණනාවක ආසනික්‌ හා රසදිය වැනි විෂ රසායනික අඩංගු බවයි. 2001 දී සම්මත කරගත් පළිබෝධනාශක පනත තමයි මේ රටේ පළිබෝධනාශක සම්බන්ධයෙන් වන නීතිය. අනුව මේ රටට ගෙන්වන කිසිදු පළිබෝධනාශකයක ආසනික්හෝ රසදිය කිසිදු ලෙසකින් අඩංගු වීමට බැහැ. එහෙත් පනත උල්ලංඝනය වෙමින් අද කටයුතු සිදුකෙර බව පැහැදිලියි.

පළිබෝධනාශකවල ආසනික්අඩංගු නම් ඒවා යොදා ගන්නා කෘෂි බෝගවලත් ආසනික්අඩංගු විය හැකියි. කෘෂි බෝග ආහාරයට ගන්නා ජනතාවගේ ශරීරවලත් මේ විෂ රසායනික තැන්පත් විය හැකියි. නමුත් අද දවසේ අපි මේවා ගැන කතා කළ යුතු නැහැ.

අද මේ රේගු පරීක්ෂණ අනුව ඉතාමතපැහැදිලියි මේ රටට ගෙන්වන පළිබෝධනාශක යම් ප්රමාණයක ආසනික්අඩංගු බව. එහෙනම් ඒවා ගෙන්වීම තහනම් කළ යුතුයි. එසේම ආසනික්අඩංගු එම පළිබෝධනාශක රට තුළ ගබඩා කර ඇත්නම් ඒවා විනාශකර දැමිය හැකියි. එම ක්රියාමාර්ග ගැනීමට හෝ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් වීමට හෝ නොදී අද බහුජාතික සමාගම් ඇතුළු රටට හතුරු ඇතැම් නිලධාරීන්, විද්යාඥයන් මේ ප්රශ්නය යට ගැසීමට උත්සාහ කරනවා.

සහල්වල ආසනික්අඩංගු බවට හෝ අඩංගු නැති බවට මේ මොහොතේදී සංවාදයක්ඇතිකර ගැනීමෙන් සිදුවන්නේ මේ රේගු පරීක්ෂණ යට යැමයි. වකුගඩු ආබාධ ඇති වන්නේ ආසනික්නිසාද, වෙනත් හේතුවක්නිසාද යන සංවාද මේ මොහොතේදී අනවශ්යයි. සහල්, තිරිඟු පිටි, කව්පි, මුං ඇට, ජලය ආදී දේවල ආසනික්අඩංගුද, නැද්ද යන පරීක්ෂණ දීර්ඝ කාලයක්සිදුකර පරීක්ෂණ වාර්තා එළිදැක්විය හැකිය. වකුගඩු රෝග සම්බන්ධයෙනුත් එහෙමමයි.

නමුත් අද රේගු පරීක්ෂණවලින් අනාවරණය වූ ආසනික්අඩංගු පළිබෝධනාශක විනාශකර දැමීමට අපිට රටක්හැටියට හැකියාව ලැබී තිබෙනවා. එම පරීක්ෂණ අඩාළ නොකර අනුව ඉදිරි පියවර ගැනීමට අපි කවුරුත් රටට ආදරය කරන පිරිස්විදිහට එකමුතු වෙමු.

මේ සම්බන්ධයෙන් අද අපි ජනතාව දැනුවත් කිරීමට උත්සාහ කරන්නේ විවිධ දේශපාලන පක් හා ජාතික සංවිධාන හා ඒකාබද්ධවයි. මේ ඒකාබද්ධ මාධ් හමුවට පැමිණි දේශහිතෛෂී ජාතික ව්යාපාරයේ මහ ලේකම් වෛද් කේ. එම්. වසන්ත බණ්ඩාර හා ශ්රී ලංකා හරිත පක්ෂයේ සභාපති වෛද් සුමිත් වන්නිආරච්චි යන මහත්වරුන්ටද අදහස්දැක්වීමේ අවස්ථාව ලබා දෙමින් මා නිහඬ වෙනවා.

වෛද් කේ. එම්. වසන්ත බණ්ඩාර මහතා- 

ලෝක පරිමාණව ක්රියාත්මක වන ජනතාවට වස විස කැවීමේ කුමන්ත්රණයට අපිත් රටක්විදිහට හසු වෙලා ඉවරයි. අපි අද වසරකට අපේ පොළොවට යොදන කෘෂි රසායන ප්රමාණය මෙ. ටො. 11,000 ක්‌. එදා අපේ රටේ තිබුණේ වස විස නැති කෘෂිකර්මාන්තයක්‌. එදා අපිට උපදෙස්දෙන්න කෘෂිකර්ම ව්යාප්ති නිලධාරීන් හිටියා. කෘෂිකර්ම ව්යාප්ති සේවය අහෝසි කළාට පස්සේ අද අපේ ගොවියාට උපදෙස්දෙන්නේ කෘෂි රසායනික කඩේ මුදලාලි. අද පවතින්නේ එවන් වූ අවාසනාවන්ත තත්ත්වයක්‌, මේක ලෝක පරිමාණව සිදුවන දෙයක්‌. ලෝක වෙළෙඳ සංවිධානය (WTO) ලෝක සෞඛ් සංවිධානය (WHO) මේ ක්රියාදාමයත් සමඟ ඉන්නවා. ඔවුන් යෑපෙන්නෙත් මේ "ලෝක ජනතාවට වස විස කැවීමේ කර්මාන්තය" මගිනුයි. මේ කර්මාන්තය මගින් වාර්ෂිකව උපයන මුදල ඩොලර් කෝටි, ප්රකෝටි ගණනක්‌.

මේ දැවැන්ත කර්මාන්තය සමග බහුජාතික සමාගම්, රට රටවල කෘෂිකර්මාන්තයට අදාළ ඉහළ පෙළේ නිලධාරීන්, බැදී සිටිනවා. කෘෂි ක්ෂේත්රයට අදාළ ජාත්යන්තර අණ පනත් සැකසීමේදී පවා මේ පිරිස්මැදිහත් වෙනවා.

මේ වස විස වෙළදාමට එරෙහිව ලෝකය පුරාම ඉන්න ශිෂ්ට සම්පන්න මිනිස්සු අවුරුදු 60 - 70 ක්තිස්සේ මහා සටනක්ගෙන ගියා. එහි ප්රතිඵලයක්ලෙස බොහෝ රටවල උග් විස සහිත කෘෂි රසායනික තහනම් කළා. නමුත් තහනම් කළා කියලා ඒවා විනාශ කරන්නේ නැහැ. ඒවා පොළොව යට ගුදම්වල සඟවා තබලා අවස්ථාව ලැබුණහම අපේ වගේ රටවලට එවනවා. මේ රටේ ඉන්න ජාත්යන්තර වස විස කර්මාන්තයට සම්බන්ධ රාජ් නිලධාරීන් උග් විස සහිත කෘෂි රසායන ගෙන ඒමට පාර කපලා දෙනවා. අපට දැන් පැහැදිලියි මේ ආසනික්රසදිය අඩංගු පළිබෝධනාශක මේ රටට ආවෙ කොහොමද කියලා. මේක අහම්බයෙන් සිදුවුණු දෙයක්නොවෙයි.

2001
පළිබෝධනාශක පනත අනුව මේ රටට ආසනික්හෝ රසදිය යන උග් විස සහිත පළිබෝධනාශක ගෙන්වීම සපුරා තහනම්. මේ සම්බනධයෙන් කටයුතු කිරීමට මේ රටේ ඉන්නවා බලධාරියෙක්‌. ඔහුට කියන්නේ පළිබෝධනාශක රෙජිස්ට්රාර් කියලා. ඔහු විසින් මේ පනත ප්රකාරව කටයුතු කළ යුතුයි.

නමුත් ඔහු පනත ප්රකාරව කටයුතු කළාද කියන එකයි ප්රශ්නය. රේගු දෙපාර්තමේන්තුවේ සිටින දේශප්රේමී නිලධාරීන් විසින් පසුගියදා අත්අඩංගුවට ගත් පළිබෝධනාශක අඩංගු කන්ටේනර් 10 ක්තුළ තිබූ පළිබෝධනාශක වර්ග 50 ක්තුළ ආසනික්සහ රසදිය යන උග් විස අඩංගු බව අනාවරණය වී තිබෙනවා. කැලණිය හා රජරට සරසවිවල පර්යේෂක කණ්ඩායම් කළ පරීක්ෂණවලදී රට තුළ තිබූ පළිබෝධනාශක වර්ග 28 ක්තුළ ආසනික්සහ 10 ක්රසදියත් අඩංගු බව අනාවරණය වි තිබෙනවා.

මේ පරීක්ෂණ ක්රියාදාමයන් සිදුවෙද්දී මේ රටේ පළිබෝධනාශක රෙජිස්ට්රාර්වරයා පළිබෝධනාශක 23 ක්පරීක්ෂා කරවලා ඉන් 03 පමණක්ආසනික්අඩංගු බව පිළිගෙන තිබෙනවා. නමුත් ඔහු යටතේ ලියාපදිංචි කොට ඇති පළිබෝධනාශක වර්ග ප්රමාණය 1000 කට අධිකයි.

වගේම පළිබෝධනාශක පනතේ ඇති දුර්වලකම්ද මේ වස සහිත පළිබෝධනාශක රට තුළට පැමිණීමට බලපා තිබෙනවා. මේ පළිබෝධනාශක සාම්පල පරීක්ෂණයට යොදා ගත යුත්තේ රජයට අයත් කාර්මික තාක්ෂණ ආයතනය (ITI) ඇතුළු ආයතන කීපයක්බව එම පනතේ සඳහන්ව තිබෙනවා. නමුත් පහසුකම් ඇත්තේ කාර්මික තාක්ෂණ ආයතනයේ (ITI) පමණයි. අනුව පළිබෝධනාශක රෙජිස්ට්රාර්වරයාට හා කාර්මික තාක්ෂණ ආයතනයට (ITI) මේ රටේ ජනතාවට වස කැවීමේ හෝ නොකැවීමේ තීරණාත්මක බලය හිමිව තිබෙනවා.

මෙම මාධ් හමුවට එක් සිටි ශ්රී ලංකා හරිත පක්ෂයේ සභාපති වෛද් සුමිත් වන්නිආරච්චි මහතා කියා සිටියේ සිය වගකීම් පැහැර හැර ඇති රජයේ නිලධාරීන්ට විරුද්ධව අධිකරණ ක්රියාමාර්ග ගැනීමට තම පක්ෂය ඉදිරියේදී කටයුතු කරන බවයි. එසේම ඇතැම් නිලධාරීන්ට විරුද්ධව අල්ලස්හෝ දූෂණ විමර්ශන කොමිසම හමුවට යැමට අවශ් තොරතුරුද තමන් සතු බවත් අනුව ඉදිරියේදී අවශ් ක්රියාමාර්ග ගන්නා බවත් වෛද් සුමිත් වන්නිආරච්චි මහතා මෙහිදී අවධාරණය කළේය.

Source: http://www.divaina.com/2011/06/20/news35.html

No comments:

Post a Comment