Saturday, June 18, 2011

Week to combat dengue spread

ජාතික මදුරු මර්දන සතිය 20 වැනිදා සිට 26 වැනිදා දක්‌වා

ඒමන්ති මාරඹේ

දිවයින පුරා පිහිටි රජයේ හා පෞද්ගලික නිවාස, කාර්යාල, පාසල් ඇතුළු ස්‌ථානවල පවතින ඩෙංගු මදුරු කීටයන් බෝවන ස්‌ථාන ඉවත් කරලීම සඳහා ඩෙංගු මර්දනය සඳහා වන ජනාධිපති කාර්ය සාධන බළකාය විසින් ප්‍රකාශයට පත්කර ඇති ජාතික මදුරු මර්දන සතිය අනිද්දා (20 දා) සිට මෙම මස 26 වැනිදා දක්‌වා ක්‍රියාත්මක කෙරේ. මදුරු මර්දන සතිය නිල වශයෙන් ක්‍රියාත්මක කිරීමේ උත්සවය අනිද්දා නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී පැවැත්වේ.
මෙම මදුරු මර්දන සතිය තුළදී එක්‌ එක්‌ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්‌ඨාස කලාපවලට බෙදා දිනක්‌ තුළ එක්‌ කලාපයක්‌ ආවරණය වන පරිදි ඩෙංගු මදුරු කීටයන් බෝවන ස්‌ථාන ඉවත් කරලීමේ ඒකාබද්ධ මෙහෙයුමක්‌ ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත්, දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්‌ථා, මණ්‌ඩල හා ව්‍යවස්‌ථාපිත ආයතන ප්‍රධානීන් වෙත චක්‍රලේඛයක්‌ මගින් දැනුම් දී තිබේ.

මෙම මදුරු මර්දන ඒකාබද්ධ මෙහෙයුම සඳහා මෙවර පොලිස්‌ නිලධාරීන් හා යුද, නාවික හා ගුවන් යන ත්‍රිවිධ හමුදාවන්ට අයත් නිලධාරින්ද සහභාගි වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මදුරුවන් බෝවීම වැළැක්‌වීමේ පනත යටතේ ඩෙංගු මදුරු කීටයන් බෝවන ස්‌ථාන පවත්වාගෙන යන්නන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමටද සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

No comments:

Post a Comment