Friday, June 17, 2011

National level study on Dengue (2 news items)

Dengue Death Audit units in 52 hospitals

 


By Don Asoka Wijewardena


The Health Ministry has set up National Dengue Death Audit units in 52 hospitals island-wide. There are 7,500 dengue patients and since January 2011, 66 people, including children have died of dengue. Of the 7,500 patients 65 per cent are adults, the Health Ministry said.

Health Ministry media spokesman W. M. D. Wanninayaka told The Island that as dengue was increasing at an alarming rate and the death toll was on the rise, National Dengue Death Audit units were set up to accurately identify the number of deaths. Doctors in 52 hospitals had been trained to audit all dengue cases and the units were in the process of identifying the causes.

He said that those units would ascertain the main causes of death and how some were cured of dengue.

Medical experts were of the view that some people who had been suffering from kidney failure, heart diseases and diabetes had contracted dengue.

The units would find out whether the deaths were due to dengue or some other disease.
Wanninayaka added that the Health Ministry had sent relevant circulars to 52 hospitals to maintain these units.


Source: http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=27941


ඩෙංගු ගැන ජාතික මට්‌ටමේ අධ්‍යයනයක්‌
අජිත් අලහකෝන්

ගතවූ මාස පහ තුළදී ඩෙංගු වැළඳුණු දහසකට අධික පිරිසකගේ සහ ඉන් මියගිය හතළිහකගේ තොරතුරු විශ්ලේෂණය කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ දිනවල ජාතික මට්‌ටමේ අධ්‍යයනයක්‌ පවත්වමින් සිටී.

ඩෙංගු රෝගයට ගොදුරු වීම සහ ඩෙංගු මරණ පිළිබඳව මෙම අධ්‍යයනය පවත්වන අතර ඒ සඳහා තොරතුරු ලබා දෙන ලෙසට දිවයිනේ සියලුම රෝහල්වලට අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක්‌ ද නිකුත් කර තිබේ.

සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස්‌ මත මෙම අධ්‍යයනය පවත්වන අතර ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සෑම රෝහලකටම ලබාදී තිබෙන ප්‍රතිකාර ක්‍රමවේදයන් හා මාර්ගෝපදේශ නිවැරැදි ලෙස ක්‍රියාත්මක වී තිබේද යන්න පිළිබඳව ද මෙම අධ්‍යයනයේ දී කරුණු සොයා බැලේ.

මෙම වසරේ පළමු මාස පහ තුළදී ඩෙංගු මරණ 66 ක්‌ වාර්තාවී ඇති අතර ඩෙංගු රෝගයට ගොදුරු වූ සංඛ්‍යාව හත්දහස්‌ පන්සියයකි. මිය ගිය පිරිසෙන් 45 ක්‌ වැඩිහිටි පුද්ගලයන් වන අතර ඉතිරි පිරිස තරුණයන් සහ ළමයින් බවද වාර්තා වී ඇත. ඩෙංගු වැළඳී ප්‍රතිකාර ලබාගත් 7500 අතුරින්ද සියයට 65 ක්‌ වැඩිහිටියන් වන අතර ඉතිරිය තරුණ පිරිස්‌ හා දරුවන්ය.

මෙම සංඛ්‍යාලේඛන අනුව වැඩිපිරිසක්‌ වැඩිහිටියන් වීමට හේතුව වන්නේ ඔවුන් කල්තියා ඩෙංගු රෝගයට ප්‍රතිකාර ලබා නොගැනීම යෑයිද, අදාළ අධ්‍යයනයේ දී මෙකී කරුණු පිළිබඳවද අවධානය යොමුකරන බවද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිළධාරියෙක්‌ "දිවයින"ට කීය.

මෙම අධ්‍යයනයෙන් ඉදිරියේදී ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර ලබාදීමේ ක්‍රමවේදය තවදුරටත් ශක්‌තිමත්ව කරන ආකාරය සොයා බැලේ.



Source: http://www.divaina.com/2011/06/17/news21.html

No comments:

Post a Comment