මෙරට සහල්වල ආසනික් හෝ වෙනත් වස විස නෑ
- ජනාධිපති ලේකම් කියයි
ඒමන්ති මාරඹේ - ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්
මෙරට නිපදවනු ලබන සහල් ආසනික් හෝ වෙනත් විෂ ද්‍රව්‍යයකින් තොර මනුෂ්‍ය පරිභෝජනයට සුදුසු සහල් බව ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා ඊයේ (24 දා) පැවසීය.
රජය කිසි විටකත් මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු ආහාර ජනතාවට ලබා නොදෙන බව කී ජනාධිපති ලේකම්වරයා ආසනික් විෂ කෘෂි රසායනවල අඩංගු වීම පිළිබඳව තවමත් පර්යේෂණ මට්ටමේ පවතින බව අවධාරණය කළේය.
ආසනික් සම්බන්ධ ගැටලුව පිළිබඳව බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය හා එක්ව තවදුරටත් පරීක්ෂණ පවත්වන බව ද හෙතෙම සඳහන් කළේය.
සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ මෙහෙයවීමෙන් ඊයේ බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතන ශ්‍රවණාගාරයේ පැවැති ජාතික පෝෂණ සම්මන්ත්‍රණය අමතමින් ඔහු මෙම කරුණු අනාවරණය කළේය.

No comments:
Post a Comment